තරුණියන් රැසක් වශීකරගත් ජනප්‍රිය නළු චන්න සියල්ල අතහැර සෝවාන් වෙන්න යන්න සැරසෙයි?

‘අංජලිකා’ සිනමාවට රැගෙන ආ ඔහු කවුරුත් දන්න චරිතයක්. කිසිවිටෙක ඔහුව ප්‍රේක්ෂකයන්ට අමතක වෙන්නේ නෑ. ඔහු නමින් චන්න පෙරේරා. මේ සූදානම ඔහු ගැන කතා කරන්නයි. පසුගිය කාලයේ ඔහු ප්‍රේක්ෂකයන්ට පවසා සිටියේ ඔහු වඩාත් කාර්යබහුල වී ඇති බවයි. ඉතින් අපි එතනින්ම අපේ කතාව ආරම්භ කළා. ඔබ මේ තරම් දුරට කාර්යබහුල වුණේ කුමක් හරි හේතුවක් මත, ”ඇත්තටම ඔව් කියන්න තොරතුරු ගොඩක් තියෙනවා. අංජලිකා වගේම සිනමාවක් ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න බලාපොරොත්තුවෙන් තමයි මම කාර්යබහුල වුනේ. අති දැවැන්ත ගණයේ නිර්මාණයක් කිව්වොත් නිවැරදි. පවතින කාලගුණික තත්ත්වයක් පවතින වසංගත තත්ත්වයක් එක්ක රූගත කිරීම් වලට යම් යම් බාධා පැමිණිලා තියෙනවා. ඒ නිසාම මේ දිනවල සංස්කරණ කටයුතු කරගෙන යනවා. හැමදේම එක්ක ඉතින් කාර්ය බහුල ජීවිතයක් තමයි මේ දවස් වල මම ගත කරන්නේ.”

ඔබ මේ වෙනවිට පුංචි තිරය අතහැර දමලාද, ”කවුද එහෙම කියන්නේ. මම පුංචි තිරයට සමු දීලා නැහැ. අද වෙලා තියෙන්නේ මට හොඳයි කියලා හිතෙන නිර්මාණ බිහි නොවීමයි. මෙගා නාට්‍යය කියන්නේ ටෙලි කතාවට වසංගතයක්. බොරුවට එකම තැන කතාව පල් වෙනවා. සූරිය දරුවෝ වගේ ටෙලි කතා බිහිවෙනවා නම් මම අනිවාර්යෙන්ම ආයෙත් පුංචි තිරයට පය තියන්න බය වෙන්නේ නැහැ. දුකට හේතුව ඒ වගේ නිර්මාණ බිහි නොවීමයි. ග්‍රහ කරල බැලුවොත් ගුණාත්මක අතින් නිර්මාණ බිහිවෙනවා අඩුයි දැන්. හැබැයි එහෙම හොඳ නිර්මාණයක් ඉදිරිපත් වෙනවා නම් මං මගේ දායකත්වය දෙනවා.”

ඔබ සියල්ල අතහැර සෝවාන් වෙන වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා කතාවක් පැතිරෙනවා මොකද්ද මේ කතාව, ”සෝවාන් වෙන්න හැමදේම අතහරින්න ඕනි කියලා කොතනකවත් නැහැ. බුදුහාමුදුරුවො කිව්වෙ සතුටින් ඉන්න මෛත්‍රිය වඩන්න,ඊර්ෂ්‍යා නොකරන්න, තමන්ගේ ගමන පාඩුවේ යන්න කියලා. ඇත්තටම අපිට ජීවිතයේ ඕනේ ආධ්‍යාත්මික සුවය, අපි කවුරුවත් අභිබවා යන්නේ නැත්නම් අපි අපේ පාඩුවේ ගමනක් යනවා නම් ඇත්තටම එතන තියෙන්නේ මානසික සතුටක්. මම හොඳ දෙයින් මිනිසුන් සතුටු කරන කෙනෙක්. නරක කියන දේ බැහැර කරන කෙනෙක්. ඒ නිසාම වෙන්නැති මම සතුටින් කාලය ගත කරනවා.”

ඔබ හැමදාම නිර්මාණය කළේ ස්වතන්ත්‍ර නිර්මාණ නේද? ”ඔව් ඒ කතාව ඇත්ත. මම නිර්මාණය කරපු සිනමා කෘතිවල කිසිදු කොපියක් තිබුණෙ නැහැ. මම කොපි කරලා නිර්මාණ බිහි කළෙත් නැහැ. යම් කිසි රූප රාමුවකින් වත් මං කිසි දෙයක් කොපි කරන කෙනෙක් නෙවෙයි. ඒක චන්න පෙරේරා ගේ ප්‍රතිපත්තියක්. කාගෙවත් දෙයක් කොපි කරලා ප්‍රේක්ෂකයන් ඉදිරියට ගේනවට වඩා මම මේ නිර්මාණය කරන මගේ නිර්මාණයක් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන එක මට වටිනවා. මොකද ඒකෙන් ලබන සතුට කියලා නිම කරන්න බැහැ. එහෙම නිර්මාණය කරන නිර්මාණ වලට මිලක් නියම කරන්නත් බෑ.”

අලුතින් බිහිවන නිර්මාණය ගැන ගැනත් කතා කළොත්, ”චිත්‍රපටියේ නම සඳ දිය සළු. මෙම නිර්මාණය දී නවක නිළියක් හඳුන්වලා දෙනවා. ඉතාම සරලව කිව්වොත් මේක ප්‍රේමය මුල් කරගත්ත ප්‍රේමණීය කතාවක්. හැබැයි මේ කතාව ගලා යෑමේදී වෙනසක් තියෙනවා. මම මෙහිදී අපේක්ෂා කරන්නේ ප්‍රේමය කියන්නේ අයිතිකර අයිති කරගකර ගැනීම මත් පසුපස හඹා යෑම වත් නොවෙයි පරිත්‍යාග කිරීමක් බවයි. මෙම නිර්මාණයට සිනමාවේ අග රැජිණි මාලනී ෆොන්සේකා ද සහභාගි වෙලා තියෙනවා. වැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් මගේ නිර්මාණයට සම්බන්ධ කරගැනීමට හැකිවීම ගැනම මට සතුටුයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *