තරුණයන්ගේ සිහින කුමරිය ජනප්‍රිය නිලි ගයාත්‍රී අතේ ගහපු අලුත්ම ටැටූ එක

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත ටැටු කියන්නේ කලාවක්. විදේශීය රටවල ප්‍රචලිත වුවත් ශ්‍රී ලංකාව තුල මෙය ප්‍රචලිත වූයේ මෑත කාලයේදී. තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ටැටු කලාව ඒ වන විට විලාසිතාවක් බවට පත්වී හමාරයි. අද අපි කතා කරන්න යන්නේ ටැටු වලින් ජීවිතය ජයගත්ත සුජි ගැන. තරුණ තරුණියන්ගේ ටැටු වලට තියෙන ආශාව නිසාම සුජි මේ වන විට ජනප්‍රියයි.

සුජි මේ ආව ගමව ගමන ගැන මතක් කළොත්, පොඩි කාලේ ඉඳන්ම මම පෙන්ටින් වලට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඒ නිසාම වෙන්නැති ටැටු කියන කලාවට මම කැමැති වුණේ. මම විදේශ රටවල අවුරුදු පහළොවක් විතර ටැටූ ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තමයි ලංකාවේ ටැටූ ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න ගත්තේ. විශේෂිතම කරුණ වන්නේ ඩුබායි රටේ මගේ ටැටු වැඩි වශයෙන් ප්‍රචලිත වුණා.

ඩුබායි වලදී හමුවන අපූරු යාළුවා ගැන මතක් කළොත්, ඔව් මට මට ෂේන් ෂින් මුණගැහෙන්න ඩුබායි රාජ්‍යයේ. ඔහු ලංකාවට ආවට පස්සේ ඔහුගේ පවුලේ හැමෝම මාව හොයාගෙන ආවා ටැටු ගහන්න. පහුගිය කාලයේ ශේන්ට ගහපු ටැටූ ගොඩක් දෙනෙක් අතර ප්‍රචලිත වුණා.

ගයත්‍රි ඩයස් ඔබට මුණ ගැහෙන්නේ අහම්බෙන් නේද, ගයාත්‍රී ඩයස් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම තරුණ කම රැකගෙන ඉන්න රංගන ශිල්පිනියක්. ගයාත්‍රි ටැටු වලට කැමති කෙනෙක්. මම පෞද්ගලිකව ගයත්‍රි අඳුරන්නේ නැහැ. හැබැයි හරි අහම්බෙන් අපි දෙන්නා මුණ ගැහෙනවා. අන්තර්ජාලයෙන් තමයි මම ගයත්‍රිට ටැටූ කරන්න ආරාධනා කරන්නේ. ඇය මගේ ආරාධනාව පිළිගත්තා. එයාගේ අතට තමයි මම සිම්පල් ටැටු එකක් ගැහුවේ. ගයත්‍රි කියන්නේ වයසට වඩා තරුණ කමට කැමති කෙනෙක්. ඉතින් මම ඇයට කරපු ටැටූ නිර්මාණය ගැන ද පහුගිය කාලය තුල තුල අන්තර්ජාලය ලොකු පෙරළියක් ඇති කළා. ඇත්තටම මං පෞද්ගලිකව රංගන ශිල්පිනියක් විදිහට වඩා මනුෂ්‍යකම පිරුණු චරිතයක් විදියට ගයත්‍රිට කැමතියි.

බොහෝ කලාකරුවන් ඔබව හොයාගෙන එනවා නේද ටැටු කලාවට, ඔව් ඒක ඇත්ත. ජින්ජර් කියන්නෙත් එහෙම කෙනෙක්. දැන් අවුරුදු 5ක් තිස්සේ ඇය ටැටු ගහන්න මගේ ළඟට එනවා. ලෝකයේ ලංකාවේ ජනප්‍රිය ගොඩක් දෙනෙක් මාව හොයාගෙන එන්නේ ටැටූ නිර්මාණයට. මම හිතන්නේ ටැටූ කියන්නේ ලෝකේ ජනප්‍රිය තාරකා වල අනන්‍යතාවය ඔප්පු කරන දෙයක්. අපි ඕනිම කෙනෙකුට බය නැතුව ටැටු එකක් ගහන්න පුළුවන්. මොකද අද තාක්ෂණය ගොඩක් දියුණුයි. ටැටු එක අවශ්‍ය නැතිනම් මකලා දාන්න වුණත් පුළුවන්. සමහරු කියනවා ටැටූ ගහන එකෙන් පිළිකා හැදෙනවා කියලා. ලෝකය දිහා බලද්දි ඒ හැමදේම බොරු කියලා ඔප්පු වෙනවා. ටැටු කියන්න කාලෙන් කාලෙට වෙනස් වෙන ට්‍රෙන්ඩ් එකක් කීවොත් නිවැරදියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *