තරඟයෙන් ඉවත්වුන අවුරුදු 19 ගැබිණි තරුණියට ශිහාන් කිවුව අපූරු කතාව

ලංකාවේ මේ වනවිට හැමෝම ගොඩක් ආස කරන රියලැටි වැඩසටහනක් තමයි හිරු ස්ටාර් කියන්නේ. ලංකාවේ විවිද ප්‍රදේශවල දක්ෂ තරංග කරුවන් රැසකගෙන් ගායනයට අති දක්ෂයින් තෝරාගන්නා මෙම තරඟය මේ වනවිට හැමෝම අතර කතාබහට ලක්වෙන තැනකට ඇවිත්, එයට හේතුව තමයි මේ තරඟයේ අවසන් වට කිහිපය තමයි මේ යන්නේ.

මේ තරඟයේ විනිසුරු මඩුල්ලේ ඉන්න ශිහාන් මිහිරංග පිළිබඳත් මේ වනවිට හැමෝම ගොඩක් කතා වෙනවා. එයට හේතුව තමයි ශිහාන්ගේ තියෙන නිහතමානී කම. රියලැටි වේදිකාවක් හරහා ගායන ක්‍ෂේත්‍රයට පැමිණි ශිහාන් කාටවත් වචනයකින්වත් වරදක් කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම ලංකාවේ සිහින කුමාරයා කියලා හඳුන්වනෙත් ශිහාන් මිහිරංග.

කොහොම වුනත් මේ පසුගිය දවස්වල ශිහාන් මේ තරඟයේ තරඟ කාරියකට කියපු කතාවක් නිසා අපේ ලාංකීය රසිකයන් ශිහාන්ට තිබ්බ ආදරේ තවත් වැඩිවුනා. ඒ තරඟ කාරිය තමයි ස්වේතා මිහිරන්ගි, ස්වේතා හිරු වේදිකාවට ගොඩවන්නේ මාතර ප්‍රදේශයේ ඉඳලා ඒ වගේම ඇයගේ වයස මේ වනවිට අවුරුදු 19යි. ස්වේතා මේ වනවිට ගැබිනියක්. කොහොම වුනත් පසුගිය තරඟයේදී ස්වෙතාට මේ තරඟයෙන් ඉවත්වෙන්න සිදුවුනා. ඉතින් ඒ අවස්ථාවේ ශිහාන් ස්වෙතාට කිවුවේ මේ වගේ කතාවක්.

”පුතේ ගීතයේ තිබ්බ පොඩි පොඩි අස්තාවරකම් නිසා තමයි මම වොට් එක දෙන්නේ හැබැයි මේක බැටල් එකක් නොවුනානම් ඔබ ලස්සනට ගායනා කල විඳින්න පුළුවන් තැන තිබුනා. එත් මේ බැටල් එකේ ඔබට වඩා ඉදිරියෙන් අනිත් තරඟකාරිය ඉන්නවා. එකයි මේ වගේ වොට් එකක් දෙන්න වෙන්නේ. මිහිරංගි ඔයා දැන් මේ ඉන්න අවස්තාවේ ඔයා තනි කෙනෙක් නෙවෙයි. ජීවිත දෙකක් ඉතින් ඒ රිස්ක් එකක් අරගෙන මේ තරඟයට සහබාගීවීම අපිට ලොකු ගවුරවයක්. හැබැයි තව සති කීපයයි තියෙන්නේ පරිස්සම් වෙන්න. හීනෙට එහා ගිහින් අනිත් ජීවිතේ ගැන හිතන්න දෙවි පිහිටයි.” කියලා,

Leave a comment

Your email address will not be published. Required fields are marked *