Tue. May 17th, 2022

ගොඩක් අය හිතන්නේ උපන්දිනය කියන්නේ ඉලක්කමක් විතරයි කියලා. හැබැයි උපන්දිනයක් කියන්නේ දවසින් දවස අපි වයසට යනවා කියන්න කවුරුත් දන්නවා. ඇත්තටම ඉලක්කමකින් වයසට යනවා කියන හැඟීම දුක සතුට අතර දෝලනය වෙන හැඟීමක්. ඇය කෙතරම් වයසට ගියත් ඇගේ නිහතමානි වෙනත් කිසිදු අඩුවක් නැහැ. ඇය කලාව තුළ නිහතමානී චරිතයක් වෙද්දි දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්ද වෙනවා. මේ සූදානම සුවිශේෂී රංගන ශිල්පිනියක් ගැන කතා කරන්න. නමින් ඇය අයිරාංගනී සේරසිංහ. නිවසට වී පොත් පොත්පත් කියවමින් කාලය ගත කරන ඇය සමග පුංචි කතාවක් කරන්න අපි හිතුවා. ඔබට උපන්දිනය දවස ගැන මොකද හිතෙන්නේ,

”මට එහෙම විශේෂ දේවල් දැනිලා නැහැ.අනිත් අය වගේ උපන්දින සාද ගන්න මම කොහොමත් කැමති නැහැ. උපන් දිනය දවසට මාව බලන්න ගොඩක් අය එනවා. කලා ක්ෂේත්‍රයේ අයත් එනවා. හැබැයි අපි හැමෝම ඉපදෙන මැරෙන මිනිස්සු. ඒ නිසා උපන් දිනය දවසට විශේෂ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මට උපන්දිනය විශේෂ නැහැ. ඒ දවසත් සාමාන්‍ය දවසක්.”

ඔබ සාමාන්‍යයෙන් උපන් දිනය දවසට මොකද කරන්නේ, ”ගෙදර බුදුන්ට පහන තියෙනවා. කාට හරි උදව් කරනවා. අපි අවුරුද්දකින් වයසට යනවා කියන්නේ අපේ ශරීරය අවුරුද්දකින් වයෝවෘද්ධ වෙනවා. ඉතින් ඒකට සතුටු වෙන්න පුළුවන්ද කියලා මටම හිතෙනවා. අපි කෙනෙකුට සලකන්න ඕන අපිට ඒ කෙනාගෙන් සැලකුම් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම කැමති නැහැ මගේ උපන්දිනයට මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවට. මොකද ඒක මේ ශරීරයට දුකක්. අපිට අපේ වැඩ කරගන්න බැරි කාලයක් එනවා. ඒ කාලේට අපි යන්නම ඕන. ඒ කාලේ ජීවත්වෙලා කාටවත් කරදරයක් වදයක් වෙන්න ඕන නැහැ. මම දැන් අවුරුදු 45ක් පනහකට වැඩියි මස් මාළු කන්නේ නැහැ. මගේ කටේ එක දතක්වත් හැලිලා නැහැ. මට කොහොමත් ඕනේ මේ සංසාර ගමනින් එතෙර වෙන්න. මම හිතන්නේ මම මෙච්චර කාලයක් ශක්තිමත්ව හිටියේ මම නිර්මාංශ වුන නිසා.”

පුංචි කාලේ උපන්දින මතක කොහොමද, ”මම කවදාවත් උපන්දිනයක⁣ට කේක් කපලා නැහැ. පුංචි කාලේ උපන්දිනයට අම්මා කිරිබතක් හදලා දෙනවා. තව උපන්දිනයට අලුත් ගවුම් මහලා දෙනවා. ඒ වගේ දේවල් සිද්ධවෙලා තියනවා. හැබැයි කවදාවත් උපන්දින සාද තියලා කේක් කපලා පාටි දාලා නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *