Sat. May 21st, 2022

කටකතා කියන දේවල් බොරුවට නිර්මාණය උනත් සමහර වෙලාවට ඒ කට කතා ඇත්ත වෙන වෙලාවලුත් තියෙනවා. ඒනිසාම සමහර කටකතා ගැන හොයලා බලන එක වටිනවා. එහෙම කටකතාවක් ගැන කතා කරන්නයි අද අපි සූදානම් වන්නේ. හැබැයි ඒ බොලිවුඩය ගැන. මේ කට කතාව පැතිරිලා යන්නේ බෙලිවුඩයේ රස්තියාදු කොල්ලෙක් වෙන විජේ දේව කොන්ඩා සහ රශ්මිකා මන්දනා අතර. මේ දෙන්නා මුලින්ම යුවළක් ලෙස පෙනී සිටියේ ගිත් ගෝවින්දම් කියන චිත්‍රපටයේ. එය තිරගත වුනේ 2018 වසරේ. මේක ඒ කාලේ බොහෝ දෙනකුගේ දෙනෙකුගේ හිට් වෙන චිත්‍රපටයක් වුණා. මේ දෙන්නගේ ආදරණීය ජවනිකා තුළ කිසිම මවාපෑමක් දකින්න ලැබුණේ නැහැ. ඒ තරම් සුපිරියට ඔවුන් යුවළක් ලෙස රඟ පෑවා. එනිසාම ඔවුන් වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.

කෙසේ වෙතත් පසුව මොවුන් දෙදෙනා ආදරණීය සහෝදරයා චිත්‍රපටය නිර්මාණය කළා. ඒ නිර්මාණය සමග තමා බොහෝ දෙනා තුල මේ දෙන්නා අතර ප්‍රේමයක් පවතිනවා කියන කටකතාව පැතිර යන්නට වුනේ. මොවුන් දෙදෙනා නිරන්තරයෙන් රාත්‍රී භෝජන වලටත් නිතර සාද වලටත් යන බවට කට කතා පැතිර ගියා. මොවුන්ගේ කසාදය ගැන ද මොවුන් ඉන්නේ දෙගිඩියාවක. ‘අපි දෙන්නා යාළුවෝ විතරයි. ආදරය විවාහය වගේ අදහස් අපි දෙන්නාගේ හිතට ගොඩක් බැට දිලා තියෙන්නේ.’ කියලයි මන්දනා කියන්නේ.

මොවුන්ගේ විවාහය ගැන දිගින් දිගටම යන කටකතාව නිසා තමයි විජේ මේ ප්‍රකාශය කර තිබුනේ. ඔහු සියලු කට කතා වලට පහර ගසමින් මොවුන් දෙදෙනාගේ විවාහය බොරුවක් බව. ඒ වගේම අනුන්ගේ කුණු සොයන අය ගැන ඔහු අප්‍රසාදය පල කලා. හැබැයි තවමත් ඔවුන් ගැන කටකතා පැතිර යන එකනම් නතර වෙලා නෑ. මොකද ඔවුන් දෙදෙනා ඒ තරම්ම ගැලපෙන ලස්සන යුවලක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *