Tue. May 17th, 2022

ලංකාවේ බාල මහහළු තරුණ හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක් තමයි මේධා ජයරත්න කියන්නේ. කොහොම වුනත් පලමු විවාහට සමුදීලා තවනිව ඉන්න ඇය මේ වනවිට ඇය ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක්. එයට හේතුව තමයි ඇයගේ නව පෙනුම. මේධා තවමත් නව යොවුන් තරුණියක් වගේ සුන්දරයි. ඉතින් ඒ පෙනුම ගැන මේධා කිවුවේ මේ වගේ කතාවක් ”මගේ දික්කසාදයත් එක්ක මම මානසිකව වැටුනා මට ඕන වුනා ඒ වලෙන් ගොඩ එන්න. ඉතින් මම ජිම් ගියා එකේ ප්‍රතිපලය තමයි මේ”

ඔබගේ වයසේ කාන්තාවක් මෙහෙම ඇහැට කනට පේන්න ඉද්දි විවද කතා හැදෙනවා නේද..? ”ඔව් ඒ දේවල් අපිට නතර කරන්න බෑ. ජීවිතයේ කරන්න ආස දේවල් නොකර විඳව විඳව ඉන්න අය තමයි ඒ වගේ කතා කියන්නේ. ලස්සන ඉන්න කෙනෙක් දැක්කම එයා හෑල්ලුවට ලක්කරන්නේ ඒක ඒ අයගේ දුර්වල තාවය, අපි ඒවාට තරහා ගන්න හොඳ නෑ”

ඔබ ගොඩක් ජීවිතේ විඳින කෙනෙක් නේද ”ඇත්තටම ඔව් මම මගේ ප්‍රශ්න එන්ජෝයි කරනවා මොකද ප්‍රශ්න වලට ජීවත් වුනොත් අපේ ගමන අඩාළ වෙනවා ඉතින් මම මගේ ජීවිතේ මට පුළුවන් උපරිමෙන්ම විඳිනවා. මම මගේ ජීවිතේ විඳිනවා දැකලා ජීවිතේ විඳවන අය එක එක කතා කියනවා මට ඒවා අදාළ නෑ” කියලයි ඒ වගේම ඇය මිතුරියන් සමග විනෝද වෙනගමන් ”ජීවිතේ විඳින්න ප්‍රශ්න වයස අදාලම නැති මම” කියලා පින්තූර කිහිපයකුත් සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *