ජීවිතය කියන්නේ සංචාරයක් – නවක නිලි ගෙනීෂා

මේ දවස්වල ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘ඇස්’ කියන්නේ, ඉතින් මේ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ නවක රංගන ශිල්පිනියක් තමයි ගෙනීෂා දිල්රුක්ෂි කියන්නේ, ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක වන ගෙනීෂා සමගයි අද අපේ මේ කතාබහ ඉතින් ගෙනීෂා කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක් ”මගේ නම ගෙනීෂා දිල්රුක්ෂි දන්දෙනිය හැමෝම මට කතා කරන්නේ ගෙනීෂා දිල්රුක්ෂි කියලා මාව ගොඩක්ම දන්නා යාළුවො කතා කරන්නේ ජෙනී කියලා, මමත් වැඩියෙන්ම ආද ජෙනී කියනවට,

මගේ ගම බුලත්සිංහල, හැබැයි දැන් පදිංචිවෙලා ඉන්නේ පිටකෝට්ටේ, සාමාන්‍යපෙළ දක්වා මම ඉගන ගත්තේ ගමේ ඉස්කෝලේ, ඒ බෝතලේගම මහා විද්‍යාලයෙන්, ඊටපස්සේ උසස්පෙළ කලේ හොරණ දොන් ප්රෙදික් මධ්‍ය මහා විද්‍යාලයෙන්, මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගියි මමයි, අම්මා ගෘහනියක්, තාත්තා අපේ ඉඩකඩම් බලාගන්නවා, අපි ඉන්නේ ගොඩක්ම සුන්දර පලාතක”

ජෙනී කොහොමද රංගනයට සම්බන්ද වෙන්නේ ”ප්‍රියා විජේරත්න කියලා යාලුවෙක් ඉන්නවා මම එයාව හඳුනා ගත්තේ ෆේස්බුක් එකෙන්, ඊටපස්සේ එයා දවසක් මට එයාගේ කැම්පස් එකේ නිර්මාණයකට සම්බන්ද වෙන්න ආරාධනා කළා. ඒ වගේම එයාලට හොඳ ටීම් එකක් හිටියා, ඉතින් එයාලා එක්ක එකතුවෙලා කරපු නිර්මාණයකින් තමයි මම මගේ රංගන ගමන පටන් ගත්තේ, ඒ තැන ඉඳන් අද දක්වා මම ආපු ගමනේ ගොඩක් අය මට උදවු කළා, ඒ අයට හදවතින්ම ස්තුති කරනවා”

ජීවිතය ගැන හිතෙන්නේ කොහොමද ”මට හිතෙන විදියට ජීවිතේ කියන්නේ හරිම සුන්දර දෙයක්, හැබැයි අපි ඒ වටපිටාව හදාගන්න ඕන, ජීවිතේ කියන්නේ සංචාරයක් වගේ ඉතින් ඒ සංචාර සුන්දර හෝ අසුන්දර වෙන්නේ අපි තෝරාගන්න පාරවල් නිසා, ඉතින් අපි තෝරාගන්න පාරවල් වල යන්න අපි ශක්තිමත් වෙන්න ඕන, පාර අමාරු වෙන තරමට අත්දැකීම් වැඩි වෙනවා ඒ වගේම ජීවිතය සුන්දර වෙනවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.