Tue. May 17th, 2022

ලංකාවේ පත්තර සංස්කෘතිය වෙනස් කල මාධ්‍යවේදියෙක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි බන්දුල පද්මකුමාර කියන්නේ. මාධ්‍යවේදියකු ලෙස බන්දුල පද්මකුමාර පුවත්පත් කලාවට දිගුකාලීන සේවයක් කළ අතර ‘ගීතා’, ‘සරසි’ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි’ ‘පති-පතිනි’ වැනි සඟරා රාශියක් ද ආරම්භ කිරීමට මුල් පියවර තැබුවෙත් ඔහුවිසින්.

මාධ්‍යවේදියකු වනවාට අමතරව චිත්‍රපට කලාවෙහි ද නිරතවූ බන්දුල පද්මකුමාර පත්තර මහගෙදර සභාපතිවරයා ලෙස ද කාලයක් සේවය කළා. මුද්‍රිත පුවත්පත රූපවාහිනිය කරා ගෙනයමින් රූපවාහිනී පත්තර වැඩසටහන මුලින්ම හඳුන්වා දුන්නෙත් බන්දුල පද්මකුමාර මහතා විසින්. ‘මුල් පිටුව’ සහ ‘ලෝක සිතියම’ යන වැඩසටහන් තුළින් විශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගත් එතුමා, ලංකාවේ සියලුම රූපවාහිනී සේවා වෙත ගලා යමින් පුවත්පත් කලාව වෙනස්ම මානයට රැගෙන ගියා.

1970 වර්ෂයෙන් ආරම්භ කරන ලද මාධ්‍ය ජීවිතය විවිද මානයන් ඔස්සේ ගලා යාමට ඉඩහැරපු මෙම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී පද්මකුමාර මහතා අද සිය ජීවන ගමනට සමුදීල, වකුගඩු දෙකම අක්‍රීය වීම හේතුවෙන් කාලයක් ප්‍රතිකාර ගත් මෙතුමා මෙසේ ඔහුගේ ජීවන ගමන නිමා කරලා තිබෙනවා. මාධ්‍ය ජීවිතය තුළ ස්මරණය කරන්නට මතක කන්දරාවක් ඇති බන්දුල මහතාට අමාමහා නිවන් සුව අත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *