Sat. May 21st, 2022

ලංකා වැඩිම ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ශලනි මේ වනවිට ලංකාවම ආදරේ කරන ධක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් අපි හිතුවා ශලනි එක්ක ටිකක් කතා කරන්න. ශලනි මේ දවස්වල මොකද වෙන්නේ ”විශේෂ දෙයක් නෑ බාරගත්ත වැඩ කිහිපයක් තියෙනවා. ඒ වගේම ලැබුන පිටපත් කියවනවා. ඒ වගේම මගේ යුටියුබ් නාලිකාව ගැන පොඩි පොඩි දේවල් ටිකක් සැලසුම් කරනවා.”

ශලනි කියන්නේ නිතරම දකින්න ලැබෙන නිලියක් නෙවෙයි ඔබ කොහොමද චරිත තෝරා ගන්නේ. ‘ මෙහෙමයි මම චරිතයක් බාරගන්න කලින් මම බලන්නේ මට වැඩ වලට දින තියෙනවද කියලා, මට ගොඩක්ම එන්නේ බැහැ කියන්න බැරි නිර්මාණ. ඒ වගේම අධ්‍යක්ෂකවරු මාව විශ්වාස කරන නිර්මාණ. කට හොඳම උදාහරණය හොඳම නිළිය සම්මානය ලැබුණු අඩෝ නාට්‍යයේ චරිතය. අධ්‍යක්ෂ සුපුන් රත්නායක කතා කරාම මම බෑම කිව්ව චරිතයක්, එයා තමයි මට මේ චරිතය කරන්න කියලා කතා කලේ”

මේ වනවිට ශලනි අපේ කළා ලෝකයේ ඉහලම නමක් දිනාගෙන ඉන්න චරිතයක්. ඉතින් ශලනි මෙවරත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස නිර්දේශ වෙලා. එම උත්සවය ලබන 26වනදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතව තියෙනවා. ඒ වගේම SLIM KANTAR PEOPLE’S සම්මාන තාරුණ්‍යයේ තේරීම සමිමානයටද ශලතිව නිර්දේශවෙලා තියෙනවා. එම සම්මාන උළෙලේ වසරේ නිළිය සමිමානයට ශලනි වගේම සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකාද නිර්දේශ වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *