Tue. May 17th, 2022

අපේ ගීත ක්‍ෂේත්‍රයේ බටහිර පන්නයේ ගීත ගායනා කරන ගායන ශිල්පිනියන් අතර ඉහලින්ම ඉන්න ගායිකාවක් තමයි නදිනි ප්‍රේමදාස කියන්නේ. ගායිකාවක වගේම නිවේදිකාවක ලෙසත් හැමෝම අතර ජනප්‍රිය ඇයගැන කතා කරන්නයි අපි මේ සුදානම් වෙන්නේ. නදිනි ගොඩක් වෙලාවට ගායනා කරන්නේ බටහිට පන්නයේ ගීත නේද..? ”ඔව් එකට හේතුව තමයි ගොඩක් අය කියනවා මගේ හඬ ගැලපෙන්නේ බටහිර ගීතවලට කියලා. ඒ වගේම මම බටහිට සංගීතය හදාරලත් තියෙනවා. අනිත් කාරණය තමයි මම ගීත ඉදිරිපත් කරන විලාශය වගේම මගේ පෙනුමත් ඒකට බලපානවා ඇති කියලා මට හිතෙනවා.”

මවක් විදියට කොහොමද දරුවන් ගැනත් බලන ගමන් කළා කටයුතුවලට ප්‍රසංග වලට සම්බන්ද වෙන්නේ ” දරුවන්ගේ වගකීම් අතපසු වෙන්නේ නැති විදියට තමයි මම හැමදේම කරන්නේ. එක වරුවක් කළා කටයුතු වලට වෙන් කලොත් අනිත් වරුව වෙන් කරන්නේ ළමයි වෙනුවෙන්. අනික මම මේ හැමදේම කරන්නේ මගේ බබාලා දෙන්නා වෙනුවෙන්”

නදිනි කියන්නේ පිනට දහමට ලැදි කාන්තාවක් කියලා හැමෝම දන්නවා, ඉතින් ඇය අදට යෙදී තිබුන මැදින් පොහොය දිනයේ අපූරු පින්කමක් සිදුකරලා තිබුනා. ඒ ඇයගේ ආච්චි වෙනුවෙන් ඉතින් ඒ පිලිබඳ සටහනක් තියලා ඇය කිවුවේ මේ වගේ කතාවක් ”පිංබර මැදින් පොහෝ දිනයක් වේවා..! අද මගේ ආච්චි වෙනුවෙන් පවත්වන 12 වෙනි සිල් දානය.” කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *