Sat. May 21st, 2022

අපේ රටේ හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. නිරූපිකාව ලෙස හැමෝගෙම ආදර දිනාගෙන ඉන්න ඇය ලංකාවේ ඉන්න කෝටිපති නිරූපිකාව අතර ඉහලින්ම ඉන්න තරුණියක්. 2017 වසරේ මිසිස් යුනිවර්ස් කිරුළ දිනාගත් ත්‍රිකලා, ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘පපාස් හවුස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතට පන පෙව්වේත් ත්‍රිකලා විසින්.

කාලයක් වැඩිය ජනප්‍රිය චරිතයක් නොව්න ඇය එකවරම සමාජ ජාලා හරහා විශාල ලෙස ජනප්‍රිය වෙන්න පටන්ගත්තා එකයට හේතුව තමයි ඇයගේ රෝසපාට කාර් එක නිසා. ඉතින් ඇයගේ මේ සාර්ථකත්වයට හේතුව පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් ” මම මගේ ජීවිතේ එක විනාඩියක්වත් අපතේ යැවුවේ නෑ, ඒකයි අද මම මේ වගේ තැනක ඉන්නේ.” කියලයි.

ඒ වගේම පසුගිය කාල සිදුවුණ සිදුවීමක් හේතුවෙන් ඇය අපූරු සටහනකුත් සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බා ඒ සටහන තමයි මේ. ”වැඩසටහනකදී අපි ආදරය කරන ප්‍රවීණ ක්‍රිකට් තරුවක් මගෙන් මෙහෙම අහනවා ඔයාගෙ පොඩි වයසට මේතරම් දේවල් ජීවිතයට එකතු කරගත්තේ කොහොමද ? කියලා.

මම කිව්වා, අපිට සල්ලි හම්බකලත් කාලය හම්බකරන්න බැහැනේ. ඒනිසා මම කාලය නාස්ති කලේ නැහැ. ලංකාවෙ බහුතරයක් ලමයි O/L , A/L ඉවර කරලා මාස ගනන් ගෙදරට කාලේ නාස්ති කරනවා. හොදම රැකියාවක් ලැබෙනකන් කියලා ඔහේ ඉන්නවා. අසනීප වුන දවස් ඇරුනම, මම ජීවිතේ එක දවසක්වත් ප්‍රයෝජනයක් නැති විදියට ගෙවලා නෑ. හැමතිස්සෙම ජීවිතේ එක Option එකකට වඩා තියාගන්න ඕනා. එනිසා මම ක්ශේත්‍ර කිහිපයක්ම ඉගන් ගත්තා!

මාව motivate කරපු ඇපල් සමගමේ අයිතිකරු කියපු කතාවක් මට ඒ වෙලේ මතක් වුනා. කාලය සීමිතයි තව කෙනෙක්ගේ ජීවිතය තුල ජීවත් වෙමින් ඔබේ සහ ඒ කෙනාගෙ කාලය නාස්ති කරගන්න එපා. කාලය ගෙවෙන එක නවත්වන්න බෑ. හැබැයි ගෙවෙන කාලය උපරිම ප්‍රයෝජනවත් ලෙස හසුරුවාගන්න පුළුවන්. එහෙම අයතමා අද ලෝකයේ ඉහලින්ම ඔබ දකින්නේ කියන්න තියෙන්නේ මෙච්චරයි. රටේ ප්‍රශ්න, ඔයාගෙ ගමනට බාධාවක් කරගන්න එපා. නොමිලේ ලැබෙන, ඒත් නැති වුනාම සල්ලි වලටවත් ණයටවත් ගන්න බැරි එකම දේ කාලය නිසා.” කියලයි, ඉතින් තනිව තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් ඇයට් අපි හදවතින්ම සුබ පතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *