ජනප්‍රිය දක්ෂ නළුවෙක් වෙන හීනේ මම දැන් හැබෑ කරගෙන ඉන්නේ – නැගී එන සුපිරි නළු තරිඳු ප්‍රදීප්

ලංකාවේ විකාශනය වන ටෙලිනාට්‍ය අතරින් වැඩිපුරම ජනප්‍රිය වගේම වැඩිපුරම ප්‍රේක්ශක ආදරයක් දිනාගෙන ඉන්න ටෙලිනාට්‍යක් තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශනයවන සංගීතේ ටෙලිනාට්‍ය, නවක රංගන ශිල්පියක් රැසක් වගේම නවක රංගන ශිල්පිනියන් රැසක් කළා ලෝකයට දායාද කල සංගීතේ ටෙලිනාට්‍ය හරහා හැමෝම අතර ජනප්‍රිය වුන වගේම හැමෝම අතර කතා බහට ලක්වුණ රංගන ශිල්පියෙක් තමයි තරිඳු ප්‍රදීප් කියන්නේ, ඉතින් සංගීතේ නාට්‍යයේ නයනගේ චරිතයට පන පොවන තරිඳු ප්‍රදීප් සමගයි අපේ අද කතාබහ,

තරිඳු ඔයා රංගනයෙන් දායක වෙන ‘නයන’ කියන චරිතය කළු චරිතයක්, ගොඩක් අය නයනට කැමති නෑ, ඉතින් මේ චරිතය නිසා තරිඳුට කවුරුවත් බනින්නේ නැද්ද..? ”අනේ නෑ මට කවුරුවත් බනින්නේ නැ, මොකද මම රඟපාන චරිතය කළු චරිතයක් වුනාට මම එහෙම කෙනෙක් නෙවෙයි කියලා හැමෝම වගේ දන්නවා. ඇත්තටම මම ගොඩක් අහිංසක කොල්ලෙක්, මාව ආශ්‍රය කරන අය අහනවා ඔයා කොහොමද ඔය වගේ චරිතයක් කරන්නේ කියලා, ඇත්තටම මේ චරිතය මට අභෝයෝගයක්, මොකද ඒ චරිතය ඇත්ත මට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, හැබැයි ටික කාලයක් යද්දී අල්ලාගෙන යන්න පුලවන් වුනා”

තරිඳුට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් කියලා දැනගන්න ලැබුනා ඇත්තද ඒ කතාව ”මෙහෙමයි මට ගොඩක්ම ලස්සනට සින්දු කියන්න බෑ, හැබැයි යම්කිසි මට්ටමකට ගීත ගායනා කරන්න පුළුවන්, හැබැයි මම මේ වෙද්දී ගීත නිර්මාණයක් කරලා තියෙනවා, ඒ සින්දුව රචනා කරලා දුන්නේ මගේ රසිකයෙක් ෂෙහාන් කියලා මල්ලි කෙනෙක්, ෆේස්බුක් එකෙන් තමයි එයා මට කතා කරලා ගීතයක් කරමුද ඇහුවේ, ඒ පද ලස්සන නිසා මම හිතුවා ගීතයක් කලොත් හරි කියලා, ඉදිරි දවසකදී මගේ ගීතයක් රසවිඳින්න ඔයාලට පුළුවන් වේවි”

ඒ කියන්නේ තරිඳු රංගනය, ගායනය, නිවේදනය කියන තුනටම ගොඩක් දක්ෂයි නේ ද, ”මගේ ජීවිතේ කලාව තමයි අංක එක, මොකද කලාව කියන්නේ හරිම සුන්දර දෙයක්, කලාවට සම්බන්ද වෙලා ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක් වෙන එක තමයි මගේ එකම හීනය වෙලා තිබ්බේ, පොඩි කාලේ ටීවී බලද්දී මම හිතාගත්තා මම කවදාහරි ටීවී එකේ ඉන්න නළුවෙක් වෙනවා කියලා, ගමක ඉඳන් නළුවෙක් වෙන්න ආසාවෙන් මේ ආව ගමනේ මාව ටීවී එකේ පෙන්නද්දී මට මාරම සතුටක් ලැබුනේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.