Tue. May 17th, 2022

ජෝති හඬින් ගී ගයන ඔහු සුරේන්ද්‍ර පෙරේරා.ඔහු ගායන ශිල්පියෙකු ලෙස මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදරේ දිනා ගෙන අවසන්. සිරස සුපර් ස්ටාර් හරහා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වන මොහු විරහ ගීත කලාවේ මුල් පුරුක කිව්වොත් නිවැරදියි. කාලයක් මොහු ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ප්‍රසංග වේදිකාව හොල්ලපු චරිතයක් වුණේ බොහෝ රසිකයින් ඔහුව ආදරයෙන් වැළඳ ගැනීමෙන්.

සුරේන්ද්‍ර එක්තරා අවස්ථාවක දී ප්‍රකාශ කර සිටියේ “මම ප්‍රසංග තෝරාබේරාගෙන යන කෙනෙක්. මොකද මට හැම ප්‍රසංගයකට ම සහභාගි වෙන්න අවස්ථාව නැහැ. කාලයක් මම ප්‍රසංග වේදිකාව නිසාම කාර්යබහුල චරිතයක් වුණා. කොහොම වුණත් ඉදිරියේදී මම ප්‍රසංග වේදිකා තෝරා බේරා සහභාගි වෙලා මගේ ජීවිතේ හැම දෙයක්ම කළමනාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා.

අචිනි සමග අතිනත ගන්න සුරේන්ද්‍ර පෙරේරා විවාහ ජීවිතයට එළඹ කාලයක් ගත වෙනවා. ආදරණීය සැමියෙකු වූ සුරේන්ද්‍ර මේ වන විට ආදරණීය පිය පදවිය ලබා අවසන්. ඔහු පුංචි දියණියකගේ පියෙකු වෙද්දී මෑතක දී තම බිරිඳගේ උපන් දිනය ඇය බොහෝ චාම්ව සමරලා තිබුන අයුරු සාමාජ ජාලා ඔස්සේ දැක ගන්න ලැබුනා. කෙසේ වෙතත් පුංචි දියණිය හා ඔවුන් ලබාගත් ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය තුල සැරි සරද්දී බොහෝදෙනා ඔහුගේ දියණියට සහ ඔහුගේ පවුල් ජිවිතයට ආශිර්වාද එක් කොට තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *