‘චුලක්ෂි නිසා ඒ වැඩේ කරන එක ලේසි වුනා’ ජනප්‍රිය නළු ඉසුරු කියන කතාව

ඔහු රංගනයට අලුත් අයෙක් නෙවෙයි. නමුත් මෑත කාලයේ ඔහු බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක් වුණා. ඔහු විවිධත්වයෙන් යුතු රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ දක්ෂ තරුවක් වුණ ඔහු සිනමාවෙන් ද රසිකයන් හමුවට එන්න මෑත කාලය තුළදී සමත් වෙනවා. ඔහු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. මෑත කාලයේ ඔහු ගැන බොහෝදෙනා කතා කරන්න පටන් ගත්තෙ ගිනි මල් පොකුරු චිත්‍රපටය කරලියට පැමිණීමත් සමග. මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා උන නිසාම රංගනය තුළ සීමාවකට කොටු වෙයිද, ඒ ගැන අපි ඔහුගෙන්ම අහන්න හිතුවා.

චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන මුලින්ම කතා කළොත්, ”මෙහෙමයි අපිට නිර්මාණයක හොඳ නරක දෙකම භාරගන්න සිද්ධ වෙනවා. සමහරු හොඳ කියද්දී සමහරු නරක කියනවා. මම හිතනවා මට ලැබෙන ප්‍රතිචාර එක්ක චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලා. විවේචන කියන දේවලුත් මම සතුටින් බාරගන්නවා. චිත්‍රපටය තුළ මම රඟපාන්නෙ රංග කියන චරිතය. රංග කියන්නේ සූක්ෂම විදිහට කාන්තාවන් දැලේ දාගන්න පිරිමියෙක්. ඉතිං නැවත ප්‍රේක්ෂකයන්ට සිනමා ශාලා විවෘත වීමත් එක්ක මේ චිත්‍රපටියට අලුත් අලුත් විවිධ ප්‍රතිචාර ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.”

චිත්‍රපටය තුළ රංග කියන චරිතය ගැන කිව්වොත්, ”මම මුලින් කිය වගේ රන්දි කියන්නේ හරි සූක්ෂම විදිහට කාන්තාවන් දැලේ දාගන්න පිරිමියෙක්. ඇත්තටම එහෙම පිරිමි අප සමාජය තුළ ඉන්නවා. අපි හිනෙකින්වත් හිතන්නේ නැති අය තමයි අපිව රැවටීමට ලක් කරන්නේ. කාන්තාවන් ගොඩක් රවට්ටන පිරිමි ඔවුන්ගේ සැබෑ ස්වරූපය පෙන්වන්නේ නැහැ. අන්න ඒ වගේ සූක්ෂම චරිතයක් තමයි රංග කියන්නේ. ඔහු ඔහුගේ වැඩ නිසාම හරිම පරිස්සමින් තමයි කටයුතු කරන්නේ. මම හිතන්නේ මේ නිර්මාණය සමාජය යථාර්ථයක් පෙන්නුම් කරන නිර්මාණයක්. නිර්මාණයට සහභගි වුන හැමෝම ලොකු කැපකිරීමක් මේ නිර්මාණය වෙනුවෙන් කළා.

චරිතය සාර්ථක වෙන්න බලපාපු කාරණා ගැන ඉසුරු කතා කළොත්, ”මම මේ නිර්මාණය තුළ සාර්ථක චරිතයක් වුණා නම එකේ මුල්ම ගෞරවය හිමි වෙන්නේ උදයකාන්ත වර්ණසුරිය මහතාට. ඒ වගේම මාත් එක්ක වැඩිම දර්ශන වාරයකට සම්බන්ධ වුණු චුලක්ෂිට. මොකද චූලක්ශි ලොකු සහයෝගයක් දුන්න මට මගේ චරිතය සාර්ථක කරගන්න. ඒක මම බය නැති ඕනෙම තැනක කියන්න දෙපාරක් හිතන්නේ නැහැ. මම වෘත්තිමය රංගන ශිල්පියෙක්. මම ශ්‍රී ලාංකීය හැම කාන්තාවකටම කියනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා. මොකද අපි නොහිතන විදිහට තමයි අපි කෙනෙකුට රැවටෙන්නේ. ගොඩක් වෙලාවට පිරිමි හදනවා ගැහැනුන්ට උදව් කරන්න. හැබැයි කාන්තාවන් ගොඩක් දන්නේ නැහැ ඔවුන්ට ළං වෙන පිරිමින්ගේ යටි අරමුණු. ඉතින් මේ චිත්‍රපටය බලලා ඇත්තටම ඇත්තටම කාන්තාවන්ට දෙයක් ගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ සමස්තයක් විදිහට මිසක් හැම පිරිමියෙක් ගැනම නෙවෙයි.”

මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සීමා වුන එකක් නිසා ඉසුරු ඇත්තටම රාමුවක් තුළ කොටු වන රංගන ශිල්පියෙක් වෙයිද, ”මම ඉදිරිපත් වුණ නිර්මාණ දිහා බලද්දි හැමෝටම තේරුම් යනවා මම කොටුවකට සීමා නොවුණ රංගන ශිල්පියෙක් කියලා. මම සම්බන්ධ වෙන්න නිර්මාණ හතේ ඇඟිලි පහ වගේ තමයි. සේරම ඇඟිලි උනාට ඒ ඇඟිලි එකිනෙකට වෙනස් .මම ඉතින් විවිධාකාර චරිත රඟපාන්න කැමතියි.”

ජීවිතය ගැන හිතන්නේ හිතන්නේ කොහොමද, ”මම ගෙවන ජීවිතය ගැන මට පුදුමාකාර සතුටක් තියෙන්නේ. මම බුදු දහම විශ්වාස කරන කෙනෙක්. ජීවිතේ කියන දේ ඇතුළෙ මට ගොඩක් දේවල් අහිමි වුණා ගොඩක් තැන් වලදි මම කඩා වැටුණා. හැබැයි ඒ හැම දේම මම දරා ගන්න පුරුදු වුණා. මම බිංදුවෙන් නැගිටපු මනුස්සයෙක්. මගේ ගමනට හේතු වුනේ අධිෂ්ඨානය කැපවීම උනන්දුව හැමදේම. මේ වෘත්තිය වෙනුවෙන් මම ගොඩක් දේවල් කැප කරපු නිසාම මම අද ඉන්න තැන ගැන මම ආඩම්බර වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *