විවාහ වුන දෙන්නෙක් අතරේ තියෙන්න ඕනි තේරුම් ගත්ත බැදිමක්. ඒ බැදිම ගැන තේරුම් ගන්න පුළුවන් එකිනෙකා එකිනෙකා ගැන දන්න තේරුම් ගන්න පුළුවන් කරුණු මත. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ අපුරූ ගායකයෙක්ගේ අපූරූ බිරිඳක් සමඟ කතා කරන්න. ඇය කතාකරන්නේ මුළු රටක් ලෝකයක් අදුරන දක්ෂ ගායකයෙක් ගැන.මේ චාමර රණවකගේ ආදරණිය බිරිඳ ඉවෝෂා ගුණවර්ධන.
චාමරගේ ඔබගේ හමුවිමෙන්ම කතාවට සම්බන්ධ වෙමු. “අපේ හමුවිම හරි අහම්බෙන් සිද්ධ වුන දෙයක්. මම රාජකාරි කරන අතරේ ගුරුගේ ව්‍යාපාරික සභාපතිතුමාගේ උපන්දින සාදයක් පැවැත්වුනා. එදා සංගිත කණ්ඩායමට චාමරත් ඇවිත් හිටියා. එදා තමා මම මුලින්ම මම එයාව දැක්කේ. චාමර එදා මගේ නම්බර් එක යාළුවෙක්ගෙන් ඉල්ලගෙන තිබුනා. ඉතින් ටික දවසක් අපි යාළුවෝ වගේ කතා කරන්න පටන් ගත්තා. ඉතින් කතා කරලා ටික දවසකින් මම අයියා ගැන ගෙදරට කිවා. ගෙදර අය ඔහුට එන්න කිවා නිසාම අයියා ඇව්ත අපේ අම්මලා එක්ක කතා කළා.”
ඔබ සැරයි කියන්නේ ඇත්තද? එහෙම නෑ හැබැයි එයා යාළුවෝ එක්ක ඇව්දින්න යද්දි මම ටිකක් සැර වෙනවා. ඒත් අයියා දන්නවා මම එහෙම සැර වෙන්නේ එයා නිසාමයි කියලා. මොකද එයා මගේ ආදරේ ගැන දන්නවා. සැර වෙන්න ඕනි වෙලාවට සැර නොවුනොත් ඇත්තටම චාමර කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. හැබැයි මේ සේරම එයාට මම තියෙන ආදරේ නිසා.”
චාමර අලුත් ගීත ලියද්දි ඔබෙනුත් අදහස් ගන්නවද? “චාමර ලියන හැම ගීතයක්ම ඔහු විසින්ම ලියපු ඒවා. එයා මුලින්ම කරන්නේ පැත්තකට වෙලා ගීතය ලියන එක. පස්සේ අම්මාටයි මටයි එන්න කියනවා.ඊට පස්සේ ගිටාර් එක වාදනය කඑන ගමන් එයා සිංදුව කියනවා.ඊට පස්සේ අපේ අදහස් විමසනවා එයා.අපිත් අපේ අදහස් කියනවා.චාමර සිංදුව අහන්න කතා කරන වෙලාවට අපි මොන වැඩේක හිටියත් අපි එයා ලගට එන්න ඕනි.උයන ගමන් හිටියත් සේරම දාලා එන්න ඕනි.ඉතින් ඒ සේරම ඉවර වෙලා තමා ආයේ උයන්න පටන් ගන්නේ.”
විවාහ වෙලා අවුරුදු 10කට පස්සේ තමා ඔබට පුතා ලැබෙන්නේ,ඒ කාලය තුළ චාමරගේ හැසිරිම කොයි වගේද?”චාමර කියන්නේ මධ්‍යස්ථව ජිවත් වෙන කෙනෙක්.දෙයක් නොලැබුනා කියලා දුක් වෙන්නෙවත් දෙයක් ලැබුනා කියලා ගොඩක් සතුටු වෙන කෙනෙක් නෙවෙයි චාමර.චාමර කියන්නේ පවුලේ එකම පුතා.ඒ විතරක් නෙවෙයි රටම දන්න ගායකයෙක්.හැබැයිඑහෙමයි කියලා ඒ අවුරුදු දහය තුළ කිසිම විදිහකින් එයා මාව පිඩාවට පත් කලේ නෑ.ඒ වගේම මමත් දරුවෝ නෑ කියලා හිතින වැටුනේ නෑ.දරුවෙක් නැතත් මම අනිත් දේවල් කරගෙන ඉස්සරහට ගියා.”