‘චරිත දෙන්නම් කියලා එයාලා එක්ක නිදාගන්න කතා කළා’ පියුමි කියන කතාව

පියුමි හංසමාලි කියන්නේ මේ වන විට ශ්‍රී ලාංකීය රසික හදවත් තුළ නමක් සනිටුහන් කළ නිරූපණ ශිල්පිනියක්. කලින් කලට ඇය ගැන විවිධ කටකතා සමාජය තුළ පැතිරෙද්දී විටෙක ඇය ව වර්ණනා කිරීමට ද සමාජය පෙළඹි තියෙනවා. කෙසේ වෙතත් ඇය තම පුතණුවන්ට ආදරණීය මවක් මෙන් ම සෙනෙහෙබර මවක්. තවමත් තරුණවියේ පසුවන සුන්දර ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ.

පියුමි හංසමාලිට මේ තරම් ජනතාව ආදරය කරන්නේ ඇයි, ගොඩක් අය මට ආදරේ කරන්නේ මම කෙලින් කතා කරන නිසා.මට බනින අය වුණත් මම මොකද කරන්නේ කියලා අනිවාර්යෙන්ම ෆලෝ කරනවා. ඇත්තටම මට රසිකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන තියෙන ලොකු සතුටක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවපු ලිවුම ගැන මතක් කළොත්, ”මම කතාවට මෙහෙම එන්න. රන්ජන් රාමනායක කියන්නේ කවුද කියලා ඇත්තටම මේ රටේ ජීවත්වන ජනතාව දන්නවා. රන්ජන් රාමනායක කියන චරිතය සමාජගත වුණේ සමාජයට සේවයක් කරපු නිසා. කෙටියෙන්ම ඒ වගේ කෙනෙක් හිරගෙදරක ඉන්න ඕන නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ජනාධිපතිතුමාට යවපු ලිපියක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. මම ඒක ඉල්ලීමක් විදිහට සමාජගත කළා පමණයි. නළු නිළියන් අධ්‍යක්ෂකවරු බොහෝම පිරිසක්රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්න කියලා ගෝඨාභය ජනාධිපති තුමාට ඉල්ලීම් කරලා ලිපි යවලා තිබුණා. මමත් මගේ ෆේස්බුක් පිටුවේ ඒ වගේ දෙයක් සඳහන් කළා.

හැබැයි රන්ජන් අයියට නිදහස නම් ලැබුණේ නැහැ. අපි කවුරු කොහොම කොයි විදියට කිව්වත් ජනාධිපතිතුමා අතේ තමයි තීරණය තියෙන්නේ.මම දන්නේ නැහැ කවදා රන්ජන් අයියට එළියට එන්න ලැබෙයිද කියලා. හැබැයි එයා හිරගෙදර ඉන්න ඕන කෙනෙක් නෙවෙයි කියල නම් සමාජයේ ම දන්නවා. මම ජනාධිපතිතුමාට ලිපියක් යැව්වේ නෑ කියලා විතරයි මම දන්නේ. හැබැයි රංජන් අයියා වෙනුවෙන් ගොඩක් අය එකතු වුණා. සමහරු විවිධ කට කතා කිව්වට මමයි රන්ජන් අයියායි අතරේ කිසි සම්බන්ධයක් නැහැ මෑත කාලයේ. අපේ සම්බන්ධය ගොඩක් පරණ එකක්. බොරු කියන්න ඕනෙ නැහැ මීට අවුරුදු අටකට විතර කලින් රංජන් අයියයි මමයි අතරේ පොඩි සම්බන්ධයක් තිබුණා. එයා දැන් මට හොඳ කලාකරුවෙක් විතරයි .

ඔබ රංගන ශිල්පිනියක් විදියට කටයුතු කරද්දී ඔබට ලිංගික අල්ලස්වලට හසුවෙන්න සිදු වෙනවාද, ඇත්තටම ඔව් එහෙම දේවල් වෙනවා. සමහරු මට ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතය දෙන්නම් කියලා මට එයාලා එක්ක නිදාගන්න එන්න කියනවා. ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු එක්ක නිදාගෙන ඇයි මම ප්‍රධාන චරිත ගන්නේ. එහෙම කරලා මට ජනප්‍රිය වෙන්න ඕන නෑ. අනික මට මියුසික් වීඩියෝ වලට පවා අඬගහන ගෙවන මුදලට වඩා වැඩි මුදලක් දෙන්නම් ලිප් කිස් කරන්න කියලා. කොච්චර සල්ලි දුන්නත් මම නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ.කෝටියක් දුන්නත් මට ඒ වගේ දේවල් කරන්න අමාරුයි. සල්ලි වලට මම ඒ වගේ දේවල් කොහෙත්ම කරන්නේ නෑ.

ඔබ ලංකාවේ සිනමාවට එකතු වෙන්නේ නැත්තේ මේ වගේ දේවල් නිසාද, ”මම හිතන්නේ මෙහෙ අය හරි කුහක ජාතියක්. මට ලංකාවේ චිත්‍රපටි දෙක තුනක ආරාධනා ලැබුණත් සමහරු විවිධ කටකතා පැතිරුවා. ඒ දේවල් එක්ක මම චිත්‍රපටවලට සම්බන්ධ වෙන එක නතර කරා.හැබැයි මම ජැක්සන් ඇන්තනී මහතාගේ මලයාලම් චිත්‍රපටයක රඟපෑවා. එතුමා ගොඩක් හොඳ කෙනෙක්. මොකද එතුමාටත් තිබුණා මාව ඕනේ නම් කපල දාන්න. හැබැයි එතුමා මගේ දක්ෂතාවයට තැන දුන්නා. ගොඩක් වෙලාවට මම ලංකාව අතහැර විදේශගත වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.ලබන අවුරුද්ද වෙද්දී ඒ දේ සිද්ධ වේවි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *