Tue. May 17th, 2022

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කිරුළක් නිසාම බොහෝ දෙනෙක් කතා කරන චරිතයක් වෙලා. ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු දැරූ ඇය ලෝක විවාහක කිරුළ ලබා ගැනීමට ද සහභාගි වුණා. නමුත් ඇතිවූ විවිධ මතිමතාන්තර මත ඇය ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ අහිමි වුනේ එහි ප්‍රධාන සංවිධායක චන්දිමාල්ගේ බලතල අනුව.

කෙසේ වෙතත් ඇයට නැවතත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පිළියන්දල පොලිස් ස්ථානාධිපති පවසන ආකාරයට කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා ට පොලිසියට පැමිණෙන ලෙසයි පවසා ඇත්තේ. ඊට හේතුව ලෙස එතුමා පවසා ඇත්තේ පසුගිය 14 වන දින චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ලවූ ගල් හා අසූචි ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට බවයි.

චමුදිත වික්‍රමසිංහ මහතා සමඟ හිටපු මෙම විවාහක රූ රැජින සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී විවිධ වූ මතිමතාන්තර ද ඇති වුණා. පුෂ්පිකා ද සිල්වා එම සාකච්ඡාවේදී මතභේද ඇති කරන කරුණු කාරණා රැසක් හෙළිකර තිබුණා.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී තම කීර්ති නාමයට හානියක් සිදු වූ බව පවසමින් රෝසි සේනානායක පුෂ්පිකා ද සිල්වා ට විරුද්ධව එන්තර වාසියක් යොමු කර තිබුණා. කෙසේ වෙතත් පහුගිය දිනවල රෝසි සේනානායක සහ පුෂ්පිකිද සිල්වා අතර විවිධ මත භේද ඇති වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *