Tue. May 17th, 2022

පුංචි තිරය තුළ ඇය වඩාත් ජනප්‍රිය වුණ චරිතයක්. දෙරණ නාලිකාවේ විකාශය වුණ සිදු ටෙලි නාට්‍ය හරහා තෙරුනිගෙ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත ඇය නවක පරපුරේ රංගන ශිල්පිනියක්. නමින් මනීෂා චංචලා. 2008 වසරේ මහනුවර කඳුරට fm එකත් එක්ක ළමා නිවේදිකාවක් වශයෙන් එකතු වුණ මනීෂා දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් පත්වෙනවා. එහිදී ඇය 12 න් පහළ 4 වන ස්ථානය දිනා ගන්න සමත් වෙනවා. ඇගේ දක්ෂතා කුඩා කාලයේ සිටම දෙමව්පියන් අඳුරගත්ත නිසා ඇය කලාවට යොමු කළා කියලයි අප හා කියා සිටියේ. ඒ කොහොම වුණත් මේ වෙද්දි මනීෂා දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ගායිකාවක් ද වෙනවා.

මුලින්ම ඔබේ ආදරය කළොත්, මම ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මොකද මම ආදරේ කියන දේ විඳිනවා. මම ආදරේ කරන්නේ දෙරණ නාලිකාවේ ම ප්‍රවෘත්ති ප්‍රකාශ කලිදු කරුණාරත්නට. ඇත්තටම එයා හරිම අව්‍යාජ චරිතයක්. ඒ නිසාම වෙන්න ඇති මම එයාට ආදරේ කරන්න පටන් ගත්තේ. කලිදු කියන්නේ පොළොවේ පොළොවේ පය ගහලා ජීවත්වන කෙනෙක්. කොහොම වුණත් ආදරවන්තියක් විදිහට මම ආදරේ ඕනෑවටත් වඩා විඳිනවා.

නවකයෙක් විදිහට ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද, මම සම්බන්ධ වුණ හැම නිර්මාණයකම හිටිය ප්‍රවීනයන් මට ගොඩක් උදව් කරා. එයාලා හැම දෙයක්ම මට කියලා දුන්නා. මම රංගනය කියන දේ ඉගෙනගන්න පටන් ගත්තෙත් ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් වලින්. නවකයෙක් විදියට මම ගොඩක් සතුටු වෙනවා ඒ වගේ ප්‍රවීනයන් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒකට ප්‍රවීණයන්ගෙන් ලබන උපදෙස් ගුරුහරුකම් ගොඩක් වටිනා.

ජිවිතේ කඩාවැටීම තියෙනවද, නෑ කියලා කිව්වොත් ඒක බොරුවක්. ඕනම කෙනෙකුගෙ ජීවිතේ කඩාවැටීම් පසුබැසීම් තියෙනවා. මගේ ජීවිතය තුළත් ඒවා නොතිබුනාම නෙමෙයි. හැබැයි මම ඒවා ඒ විදිහට බාර අරගෙන නැහැ. මම ඒ හැම දේකින්ම අලුත් අත්දැකීම් ලබනවා. ඒ අත්දැකීම් අරගෙන තමයි මම මේ තරම් දුර ඉදිරියට ආවේ.

ඔබ චරිත තෝරා බේරා ගෙනද රංගනයට සම්බන්ධ වෙන්නේ, ඔව් මම මුලින්ම බලනවා මට ඒ චරිතය කරන්න පුළුවන්ද කියලා. මොකද මම රඟපාන චරිතයට මට සාධාරණයක් කරන්න බැරිනම් මම ඒ චරිතය රඟපාලා වැඩක් නැහැ. අනික මම කැමතියි එකිනෙකට වෙනස් වූ චරිත රඟපාන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *