Fri. Jan 28th, 2022

දවසින් දවස කලා ලෝකයට අලුත් අය එකතු වෙනවා කියන්න අප් හැමෝම දන්න කරුණක්. හැබැයි වෙනසක් ඇති කරන්න පුළුවන් කෙනෙක් බිහි වෙන්නේ කලාතුරකින්. අන්න එහෙම කෙනෙක් ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. නමින් ඇය ඩිලුක්ෂි කාවින්ද්‍යා වීරපෙරුම. ලොක්කි ටෙලිනාට්‍ය තුළින් ඇය ඇගේ දක්ෂතාවය මේ වනවිටත් පෙන්වා අවසන්.

මුලින්ම ‘ලොක්කි’ ටෙලිනාට්‍ය පිලිබඳ කතා කරමු “ඇත්තටම මට මේ චරිතය ලොකු අභියෝගයක්. පිටපත කියවද්දි වුනත් මට මේ චරිතය පුළුවන් කියලා හිතුනේ නෑ. මේක රිස්ක් ජොබ් එකක්. මොකද තව කෙනෙක් හිනස්සන එක ලේසි නෑ. අනික මට ඒක කරගන්න බැරි වුනොත් මම ෆේල්. ප්‍රවිනා කියනචරිතය පොෂ් නෑ. හැබැයි ඒ බව මවාගෙන ජිවත් වෙන කෙනෙක්. ඔය අනා කියන වචනය පවා මට නුහුරුයි. පාසලේදි පවා මම විවිධ චරිත කලා.

හැබැයි මම හිතුවාට වඩා මේ චරිතය ප්‍රසිද්ධ වුනා. ⁣ගොඩක් අය ආදරයෙන් වැළද ගත්තා. ඒකට ලැබෙන ප්‍රතිචාර වුනත් වැඩියි. පාරේ යද්දි වුනත් ගොඩක් අය මාව අදුරගෙන මට කතා කරනවා. ඒ අය අනා කියලා මම ලගට ඇවිත් සිංදුවක් කියන්න කියනවා. ඉතින් ලොක්කි ටෙලිනාට්‍ය නිසා ඇත්තටම මගේ ජිවිතේ වෙනස් වුනා.”

විවාහය ගැන කතා කලොත්, “මම පොඩි කාලේනම් අවුරුදු 23 බදිනවා කියලා කිවා කියලා අම්මා කියනාව. හැබැයි මට 25 ක් වෙන්නත් එනවා. අපේ නැන්දලා එහෙම මටදැන් විහිලු කරනවා. හැබැයි ඇත්තටම මට දැන්ම විවාහ ගැන හිතන්න ඕනි නෑ. මට එහෙම අදහසකුත් නෑ. මම මේ ගෙවන ස්වාධින ජිවිතයට කැමතියි. මම ආස මම හම්බ කරලා මගේ අම්මා තාත්තා බලාගෙන ජිවත් වෙන්න. ඒ නිදහසට මම ගොඩක් කැමතියි.”

ඒ කියන්නේ ආදරය කියන දේ ඔබ ප්‍රතික්ෂේප කරන කෙනෙක්ද? “මම ආදරය ගැන හොදට දන්නවා. මගේ ජීවිතේ වුනත් මට පෙම් සම්බන්ධතා තිබිලා තියෙනවා. මම අදට වුනත් කැමති කෙනෙක් ඉන්නවා. මම ඒ වෙනුවෙන්වත් මගේ කාලය වෙන් කරන්න කැමති නෑ. ඒකට හේතුව මට අවසානේ ඉතුරු වෙන්නේ මම විතරයි. මම විරහව ගැන හිත හිත කාලය ගත කරන කෙනෙකුත් නෙවෙයි. ඒ ගැන තැවෙනන කාලයකුත් මට නෑ. ඒ නිසා දෛවය මට ලබා දෙන ජිවිතය මම විදිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *