‘ගොඩක් අය දන්නේ නෑ මම ගුරුවරයෙක් කියලා’ පාරදිගේ සිකුරා කියන කතාව

2013 වසරේ ජාතික තරුණ සේවා සභාවේ හා යෞවන  කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද යෞවනයේ මහා කළ එලි මංගල්‍ය හා 34 වැනි ජාතික සම්මාන උළලේදී සිංහල මාධ්‍ය කෙටි නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය දිනා ගන්නේ කෝරළයේ සමන් නම් නිෂ්පාදකවරයා විසින්.

එහිදි විශේෂිතම දේ වන්නේ කෝරළයේ සමන් විසින් එම වර්ෂයේ එම සම්මාන උළලේ  එම නාට්‍ය සදහා සම්මාන අටක් ලබාගැනීමට සමත්විමයි. රංගනයට, නාට්‍ය නිෂ්පාදනයට මෙන්ම සිනමාවටච ඔහු සිය දායකත්වය ලබා දෙන අපුරූ පුද්ගලයෙක්. ලොක්කා, කූඹියෝ, පැරිසියට යන පාර ආදි ටෙලිනාට්‍ය ගනනාවකටද ‘සන්නි’, ‘ඉලවන් චෙයාස්’ ආදි වේදිකා නාට්‍ය වලටද රංගනයෙන් ඔහු දායක වෙනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ ‘සිකුරා’ කියන චරිතය හරහාත් ඔහු ගොඩක් ජනප්‍රියයි.

ඔබේ ජිවිතයේ ජයග්‍රාහණයන් ගැන මතක් කලොත්, ”2011 වසරේ මම මගේම නාට්‍යයක් කරන්න කටයුතු කරනවා. ඒකේ නම ‘පස්මහ බැලුම්’  එම නාට්‍යයත් නාට්‍ය උළලේ  දෙවනි තැනට එනවා.  ඊට පසු තමා මම අජරාමර කලේ. 2012 දී නිෂ්පාදන කල ඒ නිර්මාණය සම්මාන අටක් ලබා ගත් කෙටිනාට්‍යක් බවට පත් වෙනවා. ඇත්තටම මම වෘත්තියෙන් ගුරුවරයෙක්. හැබැයි ගොඩක් අය දන්නේ නෑ මම ගුරුවරයෙක් කියලා. ඒත් මම ගොඩක් කැමති ආස නළුකම. හැමදේම සමබරව කරගෙන යනවා දැනට.”

ඔබ ආව ගමන් මඟ ගැන කතා කලොත්, ”මම කලාව කියන දෙයින් මුල්ම ජයග්‍රාහණය කරන්නේ 10 වසරේදි. ඒ කාලේ මම තරුණ බෞද්ධ නාට්‍ය උළලේ නළුවෙක් විදිහට තමා තේරුනේ. හස්ති පෙරළිය නාට්‍යයේ හස්තියාට රඟපෑවේ මම. ඒ නාට්‍ය හොදම නාට්‍ය හතරට එනවා. එතනින් කලාව ගැන තියෙන ආශාව වැඩි වෙනවා මට. විශ්ව විද්‍යාලයට ආවට පස්සේ හෙන්රි ජයසේන මහතාගේ කුවේනි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔය විදිහට ටික ටික තමා මගේ කලාවේ ගමන් මඟ ආරම්භ වෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *