‘ගොඩක් අය කියනවා හෙමාලුයි මමයි මැචින් කපල් කියලා’ හිරුෂි කියන කතාව

හිරුෂි ජයසේක වෘත්තියෙන් වෛද්‍යවරියක්. නමුත් ඇය ගායිකාවක්, නිවේදිකාවක්, සමාජ සේවිකාවක් වගේම රංගන ශිල්පිනියක් වෙනවා. ඉතින් අපි සුදානම් හිරුෂි එක්ක කතා කරන්න. මුලින්ම අපි අහන්න හිතුවේ ඇගේ හීනෙන් ඇවිදින කතාව. “හීනෙන් ඇවිදින්න ආවාදෝ ගිතය නිසා තමා මට ⁣ගොඩක් ගායන අවස්ථා හිමි වෙන්නේ. සුරේන්ද්‍ර පෙරේරා එක්ක ගායනා කරන මේ ගීතය මායා චිත්‍රපටයේ ගීතයක්. හිනෙන් ඇවිදන් ගීතයට පස්සේ තමා මට හැගුමන් ගීතය ලැබෙන්නේ. මේ ගිතයෙන් කියවෙන්නේ තරුණියන්ගේ හිත් වල ඉපදෙන ප්‍රේමණිය හැගිම් ගැන. ගොඩක තරුණියෝ කැමති කඩවසම් කෙනෙකුගේ ආදරය ලබන්න. අන්න ඒ වගේ තේමාවක් ඔස්සේ තමා මේක ගලාගෙන යන්නේ.”

හැගුමන් ගීතයට රූප රචනයකුත් කලා නේද? “ඔව් දැන් ට්‍රෙන්ඩ් එක තමා රූපරචනය. මේක වෙනස්ම විෂුවල් එකක්. අඩන වැළපෙන ඒවා නෑ. හරිම ප්‍රේමණිය ආදරණිය සිද්ධි පමණයි. ඉතින් ඒ විෂුවල් එකේ හැම කොටසක්ම ආදරණිය සිදුවිම්.

රූප රචනයට ඔබ යොමු වෙද්දි නළුවා විදිහට ඉන්නේ හේමාල්, “ඒකට විශේෂිත වු හේතු ⁣තියෙනවා. මොකද අපේ විඩියෝ ටිම් එකට ඕනි වුනා විඩියෝ එකට තරුණියන්ගේ හිත් ගත් සිහින කුමාරයෙක් ගන්න. ඉතින් ඒ නිසා ඇත්තටම අපි හේමාල් එක්ක මේ රූප රචනය කළා. මේ රූප රචනයෙන් පස්සේ විවිධ ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය කිවා හේමාල් හිරුෂි මැචින් කපල් කියලා. අපි දෙන්නා ගැළපෙනවා කියලා.”

හිරුෂි කියන්නේ නිවේදිකාවක් නේද? “රූපවාහිනියේ ඉංග්‍රිසි සේවයේ මෝර්නින් වැඩ සටහන කරන්නේ මම. තව වෛදව වැඩසටහනක් නිවේදිනය කරනවා. මම නිවේදනයට ආසයි. මොකද මට විවිධ පුද්ගලයන් එක්ක කතා කරන්න ලැබෙනවා. ඒ නිසා.”

රට ගිහින් ඉගෙන ගත්ත හිරුෂි ලංකාවට එන්නේ කලාවට ආදරේ නිසාද? “මම ආසයි මේ ලංකාවට. වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගත්තාට මම කලාවට ආදරෙයි. මගේ තාත්තා වුනත් වෛද්‍යවරයෙක්. හැබැයි එයත් කලාවට ආදරේ කරන කලාව එක්ක ඉන්න කෙනෙක්. ඉතින් මටත් වෛද්‍යවරියක් වෙලා කලාවේ ඉන්න බැරි කමක් නෑ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *