‘ගොඩක් අය කියනවා මම ලස්සනයි කියලා’ සුරංගනාවියක් වගේ හැඩකාර මිෂෙල් කියන කතාව

මිෂෙල් දිල්හාරා කියන්නේ යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලි නාට්‍ය හරහා වඩාත් ජනප්‍රිය වුන ඇය රඟපෑවේ වෙනස්ම චරිතයක්. කටුක ජීවිතයක් මතින් විඳින වේදනාව යොවුන් පරපුරේ ඇය දක්ෂ ලෙස රසික හදවත් තුලට දැනෙන්න ඉඩ හැරියා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි.

මිෂෙල් ගේ රංගන ජීවිතය ආරම්භය ගැන කතා කළොත්, ”මම මුලින්ම රඟපාන්නේ ‘සල්සපුනා’ කියන ටෙලි නාට්‍යයේ. එතැනින් තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ. එදා පොඩි පත්තරකාරිට ලැබුණ ආදරේ අදත් නොඅඩුව ලැබෙනවා. මැටි කඩුලු කියන්නේ මා රඟපාන දහනම වන ටෙලි නාට්‍යය. මම අවුරුදු 20 දි තමා මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නේ.”

කුඩා කාලේ ඉඳන්ම රංගන ශිල්පිනියක් වෙන්න හීන දැක්කද? “අපේ පවුලේ කොල්ලොම තුන්දෙනෙක් හිටියේ. අනිත් දෙන්නම් ඉගෙනීමෙන් ඉස්සරහට යද්දි මම හිතුවේ කවදහරි දවසක නිළියක් වෙන්න ඕන කියලා. නිළියක් වෙන්න බැරි උනොත් දවසක ගුරුවරියක් වෙන්න තමයි මගේ හීන වුනේ. මගේ අම්මා තාත්තා මට උපරිම නිදහස දුන්නා මට කැමති ක්ෂේත්‍රයක රැකියාවක් කරන්න වගේම මම යන ගමනට උදව් කරන්න. ඒ දෙන්නව මම මතක් කරන්නම ඕන. මොකද එයාලා මට නිදහස දුන්න නිසයි මට මේ ක්ෂේත්‍රයට එන්න ලේසි උනේ. නිළියක් වෙන්න කලින් වුණත් මම සමාජ ක්‍රියාකාරී තරුණියක් විදිහට වැඩ කරන්න ආස වුණා. ඒ නිසා ම මම ළමා නිවාස වල උගන්වන්න ගියා. පොඩි කාලේ නම් මං හැම දේකටම බය වුණත් පස්සේ සමාජයක් ඉස්සරහ කතා කරන්න මම බය වුනේ නැහැ. මේ හැම දේකින්ම මම ජීවිතයට ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.”

තරුණපුරේ ගොඩක් අය කැමතියි පෙම්වතියගේ චරිතයට මුහුණ දෙන්න. ඒත් ඔබ කැමති වෙනස්ම චරිත රඟපාන්න. එයට හේතුවක් තියෙනවද? “ගොඩක් අය කියනවා මම ලස්සනයි කියලා. මම ලස්සනට වැඩිය කැමති සාමාන්‍ය ගැහැනු ළමයෙක් විදිහට ජීවත් වෙන්න. පෙම්වයතියක් වෙලා ඒකාකාරී චරිත වලට මුහුණ දෙනවාට වඩා මම කැමති කටුක දුෂ්කර චරිත වලට මුහුණ දෙන්න. ‘සුදු ඇදගෙන කලු ඇවිදින්’ ‘මැටි කඩුළු’ ටෙලි කතා කියන්නේ ඒ වගේ මම වෙනස් විදියට මුහුණ දුන්න ටෙලි කතා. මම කොහොමත් කැමතියි සමාජයට වැදගත් චරිතයක් රඟපාන්න. අනික මෙම ටෙලිනාට්‍ය වලින් ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.”

සිනමාවට ආරාධනා ලැබිලා නැද්ද? ”ආරාධනා නම් කිහිපයක් ලැබිලා තියෙනවා.පුංචි තිරය වගේම සිනමාවේත් රඟපාන්න මම ආසයි ඉදිරියේදී සිනමාවට සම්බන්ධ බලාපොරොත්තු වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *