‘ගොඩක් අය කියනවා මගේ පපුව හොඳයි කියලා’ ගයාත්‍රී කියන කතාව

ගයාත්‍රි කාංචනමාලි දිසානායක කියන්නේ පුංචි තිරයට ආදුනික චරිතයක් නොවෙද්දි කෙටි කලකින් සිනමාවටද පය තියෙන දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් අපි සූදානම් වෙන්නේ ඇයි ගැන කතා කරන්නයි. මුලින්ම අපි ගයත්‍රි කතා කරන්න හිතුවේ රංගනය කියන්න දේ ඇයට දැනෙන්නේ කොහොමද කියලා, ”මම හිතන්නේ රඟපානවා කියන්නේ චරිතය රඟපානවා කියලා හිතාගෙන රඟපෑම නෙවෙයි. යම් චරිතයකට සාධාරණත්වය ඉෂ්ට කරන්න නම් ඒ චරිතය මම කියල හිතන්න ඕන. ඒ ඉන්නේ මම කියල හිතන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට චරිතයක් සාධාරණ විදිහට ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න පුළුවන් වෙන්නේ නැහැ.”

පොඩි කාලේ ඉඳන්ම රංගනයට ආස කෙනෙක් ද ඔබ, ”ඔව් මම රඟපාන්න ආසයි .මම දන්නෙ නැහැ මම පොඩි පොඩිකාලේ ඉඳන්ම රංගනය කියන දේට ආස කරන කෙනෙක්. ඒ නිසාම හරි අහම්බෙන් මට සංසාරා ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව මට ලැබෙන්නේ 2017 වර්ෂයේ. ඊට පස්සේ සුළු සුළු චරිත වලට වගේම වෙළෙඳ දැන්වීම්වලට මම සහභාගි වුණා. 2019 වර්ෂයේ දී මිස්ටුවරිසම් ඉනටර් නැෂනල් රූ රැජින තරඟය ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබෙනවා.ඒ විදියට මම කලාවට ටිකෙන් ටික පියවර තියනවා.”

රංගනයට ආව එක ගැන සතුටු වෙනවද, ”ඔව් මම දැනට කරලා තියෙන වැඩත් එක්ක ගොඩක් සතුටු වෙනවා මම ආව ගමන ගැන. කොහොමත් මම නිර්මාණ ගොඩකට එකවර සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. මට ගැළපෙන චරිත තෝරා බේරගෙන ගැළපෙන නිර්මාණ වලට සහභාගි වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනටනම් රංගනය විතරයි මම කරන්නේ. කොහොම වුණත් මේ ආව ගමන ගැන තියෙන්නේ ලොකු සතුටක්. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මුල් කාලයේ කළකිරීමක් ඇති වුනත් දැන් සතුටු වෙනවා.

ගයාත්‍රි කියන්නේ මොන වගේ කෙනෙක්ද, ”කෙනෙක් මාව බාහිරින් බැලුවොත් පෙනෙන්නේ මම ගොඩක් නපුරු ආඩම්බර කෙල්ලෙක් විදිහට. හැබැයි මම කැමතියි ගොඩක් අය ආශ්‍රය කරල නිදහසේ ජීවත් වෙන්න. මගේ හිත ගොඩක් හොඳයි. මගේ හිත හොද වැඩි නිසාම මට ගොඩක් තැන් වරදිනවා. ගොඩක් අය මගේ මූණටම කියනවා මගේ පපුව හොඳ වැඩිනිසා තමයි මට වරදින්නේ කියලා. කොහොම වුණත් ගයාත්‍රි කියන්නේ බොහොම සරල කෙනෙක්.”

ජීවිතය ගැන දැනෙන්නේ කොහොමද, ”ජීවිතය විදිනවාද විදවනවද යන්න තීරණය කරන්න ඕන අපිමයි. මොකද ජීවිතය තුළ දුක සතුට දෝලනය වෙනවා. ජීවිතය අපි ගෙවන්න ඕනේ අපිට ඕන විදිහට මිසක් තව කෙනකුට ඕන විදිහට නෙවෙයි. අපි ජීවිතේ තුළ අපි හරි දේ කරානම් අපිට ජීවත් වෙන්න ලේසියි. දෙයක් කරන්න යද්දී එය තමන්ට ගැලපෙනවද යන්න තීරණය කරන්න ඕන තමන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *