‘ගොඩක් අය කැමරා පිටිපස්සේ ඉදන් හොඳ නැටුම් නටනවා’ ජනප්‍රිය නළු ඉසුරු කියන කතාව

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කවුරුත් දන්න රංගන ශිල්පියෙක්. පුංචි තිරයට ආධුනිකයෙක් නොවන ඉසුරු මේතුරු මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන්නේ ඔහු සම්බන්ධ වන සිනමා කෘතියක් නිසා. එමෙන්ම මේ දිනවල පොඩි අයගේ ආදරය දිනාගත් ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍ය හරහාද ඉසුරු බොහෝ දෙනෙකුගේ ආදරේ දිනාගන්නවා.

ගිනි මල් පොකුරු කියන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වන වුණු චිත්‍රපටයක්. මුලින්ම එතනින් කතාව පටන් ගත්තොත්, ඇත්තටම මේ චරිතය වෙනස් චරිතයක්. සිප වැළඳ ගැනීම් වැඩි ලිංගික දර්ශන පවා වැඩියි චිත්‍රපටයක්. ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු මාධ්‍ය ඉස්සරහ සාන්තුවරු වගේ හැසිරෙනවා. හැබැයි ඒ අය තිරය පිටුපස රෙදි ගලවා ගන්න හැටි මම ඇස් ඇස්දෙකින් දැකලා තියෙනවා. මම කොහොමත් මගේ නිර්මාණ වලට සීමා දාගෙන ඉදිරිපත් වෙන කෙනෙක් නෙමෙයි. රංගනය කියන කලාව ඇතුළේ මට එහෙම සීමා නැහැ. ගිනි මල් පොකුර කියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වුණු නිර්මාණ කෘතියක්. මේ සිනමාව ගොඩක් කාන්තාවන්ට විශේෂ වනන සිනමා කෘතියක්. ගොඩක් පිරිමි කාන්තාවන් රවට්ටන ආකාරය හරි සූක්ෂම විදිහට මෙම සිනමා කෘතිය තුළින් දක්වලා තියෙනවා. අපි වැඩිපුරම විශ්වාස කරන අය තමයි අපිව රවට්ටන්නේ කියලා මේ නිර්මාණයෙන් පැහැදිලි වෙනවා.

රංගන ශිල්පියකු මේ වගේ චරිතයක් රඟපාන කොට බිරිඳගෙන් නැත්තම් පෙම්වතියගෙන් අවසර ගන්න ඕනෙද, මමනම් කවදාවත් මගේ පෞද්ගලික ජීවිතය මගේ වෘත්තියක් පටලගෙන නැහැ. මම තවමත් අවිවාහක කෙනෙක්. මේ ජීවිය තුළ මම කාටවත් බැඳිලා මම සීමාවකට කොටු වෙලා නැහැ. සමහර විට මම විවාහ වෙලා මට බිරිඳක් මට දරුවෝ ඉන්නවනම් මේ තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. මම විවාහ වුන දවසක තනි මතයට මේ වගේ දේවල් දේවල් වලට සම්බන්ධ වෙන්නෙ නැහැ. විවාහ වුන දවසක බිරිඳගෙන් අහලා තමයි ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නේ.

රංගන ශිල්පියකු විදිහට සරල චාම් චරිත වගේම මේ වගේ වැඩිහිටියන්ට දර්ශන වලට මුහුණදීමේ අත්දැකීම කොහොමද, මම නම් මේ චරිත දෙක අතර ලොකු වෙනසක් දකින කෙනෙක්නෙ වෙයි. අනික මේක සම්පූර්ණ නිරුවත් දර්ශන නෙවෙයි. ගිනි මල් පොකුරු කියන චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් සීමාවෙද්දි වැඩිපුරම තියෙන්නේ සිප වැළඳ වැලඳගැනීම් පමණයි. වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වුණ කාට උනත් චරිතය තේරුම් ගත්ත විට ඒ චරිතයට සම්බන්ධ වෙන්න ලේසියි. මේ චිත්‍රපටය ඇතුළේ මම රඟපාන්නේ ඉසුරු කියන චරිතය නෙවෙයි කතාංගයට අදාල චරිතය පමණයි .

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යය ගැන කතා කළොත්, ඔව් මම මෙහි රඟපාන්නෙ මව අහිමි දරුවන් හත් දෙනෙකුගේ පියා වශයෙන්, ඒ චරිතය තුළ ඉසුරු කියන්නේ දරුවන්ට ගොඩක් ආදරෙයි කෙනෙක්. චරිතයක් වගේ පෙනුනට ඒ චරිතය බොහොම ළාමක සංවේදී චරිතයක්.

Leave a comment

Your email address will not be published. Required fields are marked *