Sat. May 21st, 2022

පුද්ගලයෙකුට ජනප්‍රියත්වය විවිධ ක්‍රම ඔස්සේ ලැබිය හැක. සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වූ තරුණියක් ගැන කතා කරන්නයි අද අපේ සුදානම. ඇය ටික් ටොක් තරුවක්ද කිව්වොත් නිවැරදියි. නමින් ලක්සිකා සෂිනි හිටිබණ්ඩාර. ඔබ ටික් ටොක් වලින් ලැබෙන ජනප්‍රියත්වය ගැන ගැනත් මතක් කලොත්, ඇත්තටම මම ඒ දේවල් කරන්නේ තනියම නෙවෙයි. මම ටික් ටොක් කරන්නේ මගේ නංගිලා දෙන්නත් සහ මහත්තයා සමග. අපි ජීවිතය ගත කරන විදිහ තමයි මේ වීඩියෝ වලින් සමාජයට ලබා දෙන්නේ. අපි සාමන්‍යෙ ජීවිතේ වුණත් ගත කරන්නේ හරිම ජොලියෙන් තමයි. අපේ වචනයෙන් කියනවනම් අපි මේ වීඩියෝ සමාජයට මුදා හැරලා ගන්නේ ආතල් එකක්. හැබැයි අපි හිතුවේ නෑ මෙච්චර ජනප්‍රියත්වයක් අපිට ලැබෙයි කියලා. මිලියන ගාණක් අපේ වීඩියෝ බලනවා. දැන් ගොඩක් අය අපේ වීඩියෝ ගැන කතා කරනවා.

කෙනෙක්ව හිනස්සනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි ඔබත් ඔබේ පවුලත් කරන්නේ ඒ දේ නේද, අපිට කෙනෙක්ව හිනස්සනවා කියන්නේ අභියෝගයක් තමයි. හැබැයි අපේ වීඩියෝ බලන ගොඩක් පිරිසක් මේ වෙද්දි ඉන්නවා. අපි කරන වීඩියෝ සැලසුම් කරලා නෙවෙයි කරන්නේ. අපි කරන වීඩියෝ කරන්නේ එදිනෙදා ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිදුවෙන සිදුවීම් ගැන. අපි මුලින්ම කරපු වීඩියෝ වුණත් හිතලා නෙවෙයි කළේ. හැබැයි අපිට අනුන්ට සතුටක් ගෙනත් දෙන්න පුළුවන් වුණා. අපි ජොලියට වගේ කරපු දේ ගොඩක් ජනප්‍රිය වුණා. අපිව කොමඩිය ට අරගෙන මිනිස්සු අපිට හිනා වුණත් කමක් නැහැ.

ඔබලට බනින පිරිසකුත් ඇති නේද,අම්මෝ ඔව් අපිට බනින අය ඉන්නවා. අපි ගොන් ආතල් කරනවා කියලා කියනවා සමහරු. සමහරු අපිව පේන්න බැහැ කියනවා. සමහර කමෙන්ට් කියවද්දි ඇත්තටම අපිට ජොලි.අපිට බනින අය බනින්නේ අපේ වීඩියෝ බලලානේ. සමහර කමෙන්ට් තියෙනවා ඇත්තටම ඔවුන් අපි විවේචනය කරලා. හැබැයි මම ඒ හැම එකකටම රිප්ලයි කරනවා. මම කැමතියි සමාජ මාධ්‍ය වුණත් විවෘතව කතා කරන්න. විශේෂයෙන්ම අපි නරඹන විශේෂ පිරිසක් ඉන්නවා. සමහර වෙලාවට අපි පාරෙ යද්දි සමහරු අපි ළඟට ඇවිල්ලා හිනා වෙනවා. අපි දැන් සීරියස් විඩියෝ එකක් කළත් හැමෝම බලන්නේ හිනා වෙන්න.අපිට ගොඩක් අය දැන් කියන එකම දේ තමයි අපිව දකිනකොටත් හිනා යනවා කියලා.

අපි ටික් ටොක් කරන්න පෙළඹුණේ කොහොමද, කොවිඩ් කාලේ ඇති වුණ අතුරු දෙයක් කිව්වොත් හරි. මොකද ඒ කාලේ අපි හැමෝම ගෙවල් වලට හිර වුණා. ලොකුවට කිසි වැඩක් කරන්න බැහැ. අපේ වීඩියෝ කොවිඩ් කාලේ තමා ටිකක් ප්‍රසිද්ධ වුණේ. ඇත්තටම මේ මාධ්‍ය වුණත් හරියට භාවිතා කරනවා නම් වටිනවා. ලොකු වටිනාකමක් වුණත් ලබාගන්න පුළුවන්. හරිම දේ මේ හැමදේම තේරුම් අරගෙන ඒ දේවල් හරියට පාවිච්චි කරන එකයි.

ලොකු මුදලක් උපයන්න බලාපොරොත්තුවෙන් ද ඔබ සමාජ මාධ්‍ය මේ වගේ දේවල් කරන්නේ, බොරු කියන්න ඕන නැහැ මේ කතාව ඇත්තමයි. අපි මේ වෙනකන් ටික්ටොක් වලින් එක රුපියලක් වත් හොයාගෙන නැහැ. අපේ සතුට රැදිලා තියෙන්නේ අපි වීඩියෝ එකක් කලාම ඒක නරඹන පිරිස මත. හැබැයි අපේ ජනප්‍රියත්වයත්වයත් එක්ක අපිට විවිධ නිෂ්පාදන ආයතන වලින් කතා කරනවා. ඒ ආයතනවලින් අපිට තෑගි බෝග දෙනවා. ඒ විවිධ ආයතන වලින් විතරයි. එහෙම ඇරෙන්න අපි සමාජ මාධ්‍ය ටික් ටොක් වලින් මුදල් හම්බ කරන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *