‘ගෙදර අය හිතුවේ මේවා කලාම වස්වදිනවා කියලා’ අමරනාත් කියන කතාව

කලා ශිල්ප කියන්නේ ගොඩක් අයට පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දෙයක්. හැබැයි අද අපි කතා කරන්න හිතුවේ පරම්පරාවෙන් නැතුව සහජ හැකියාවෙන් කලා ශිල්පය හදාරන කෙනෙක් ගැන කතා කරන්න. ඔහු නමින් අමරනාත් දිනේෂ්. චිත්‍ර හා මුර්ති ශිල්පියෙක් වෙන මොහු බොහෝ වැඩ කටයුතු කර ඇත්තේ පන්සල් ආශ්‍රිතව. ඒ නිසාම අපි ඒ ගැන ඔහුගෙන්ම අහන්න හිතුවා. “ඔව් මම ගොඩක් වැඩ කරන්නේ පන්සල් ආශ්‍රිතව. මේ වෙද්දි මම පන්සල් 400කට වඩා වැඩ කරලා තියෙනවා. මකර තොරණ, චෛත්‍ය, පන්සල් වල චිත්‍ර වගේ දේවල් මම කරනවා. මම ⁣පාට හදාගන්නේ දොරණ මිශ්‍රණයෙන්. මගේ නිර්මාණයක් අවුරුදු 50කට පමණ මම ගැරන්ට් කරනවා.”

ඔබට ඔය හැකියාව පරම්පරාවෙන් ලැබුන දෙයක්ද? “නෑ මගේ පවුලෙන් මට ලැබුන දෙයක් නෙවෙයි. හැබැයි මගේ අයියලා දෙන්නා මේ කලාව වෘත්තියක් විදිහට කරනවා. මගේ නංගි චිත්‍ර ගුරුවරියක්. ඉතින් අපිට සහජ හැකියාවක් තියෙනවා. ඒ නිසා අප ඒ හැකියාව ඔස්සේ ගමන් කරනවා. මුලින් අපිට ගෙදරින් වුනත් මේ දේට කැමත්ත ලැබෙන්නේ නෑ. මොකද අම්මා තාත්තා හිතුවේ මේ දේවල් කරන අයට වස් වදිනවා කියලා. ඉතින් ඒ නිසා මුලින් ගෙදරට හොරෙන් තමා මේ දේවල් කලේ. හැබැයි අද වෙද්දි එයාලා අපි ගැන ගොඩක් සතුටු වෙනවා.”

ප්‍රසිද්ධ ස්ථාන වල කරපු නිර්මාණ ගැන කතා කලොත්, “නුවර රෝහලේ, රිජ්වේ ආර්යා රෝහලේ එළියේ තියෙන ගොඩක් පිළිම නිර්මාණ කලේ මම. මේ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අයට ලොකු ඉල්ලුමක් තියෙනවා. මට වැඩි ඉල්ලුමක් ලැබිලා තියෙන්නේ පො⁣ළොන්නරුව, මහියංගනය පැතිවල. ඉතින් ඒ පැතිවල නිර්මාණ වලට මම අඩු මුදලක් තමා අය කරන්නේ”

පවුල් ජිවිතේ හා පවුලේ විස්තර ගැන කිවොත්, “මගේ දැන් පදිංචිය නුවර. මම විවාහකයි. මට දුවලා දෙන්නයි පුතෙකුයි ඉන්නවා. එයාලා තාම පොඩියි. ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනවා නුවර නේවාසික මුර්ති පාසලක් ආරම්භ කරන්න. මැටි පුච්චලා මුර්ති හදන්න තමා මම කැමති. ඉදිරියේ දි ජිවිතේ පොඩි පොඩි බලාපොරොත්තු තියෙනවා.”

ලංකාවේ තාප්පවල චිත්‍ර අඳින රැල්ලක් ඇති වුනා ඔබත් තාප්ප වල චිත්‍ර ඇන්දා මේ දේවල් කලේ දේශපාලන අරමුණු උදෙසාද ” අනේ නෑ. ඇත්තම කියනවනම් මේ චිත්‍ර වැඩේට දේශපාලකයෝ සම්බන්ද වුනේ නෑ අනිත් එක ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලම වගේ නියෝජනය කරන තරුණයෝ මේකට සහබාගී වුනා. ගොඩක් අය තීන්ත ගත්තේ තමන්ගේ වියදමින් අපේ ලංකාවේ තරුණයෝ කරපු මේ වැඩේට දේශපාලන සම්බන්ද කරනවට මම පුද්ගලිකව වැඩිය කැමති නෑ, මොකද මේක ලංකාවේ තරුණයෝ පටන් ගත්ත වැඩක්”

Leave a comment

Your email address will not be published. Required fields are marked *