Sat. May 21st, 2022

ෆ්ලොරියා පෝටෝ රිකෝ හා බර්මුඩා ඇතුළත් මුහුදු කලාපය වු බර්මුඩා ත්‍රිකෝණය කියන්නේ වඩාත් අභිරහස් ප්‍රදේශයක්. එලෙස අභිරහස් ලෙස අතුරුදහන් වූ ගුවන් යානා 15 සහන් නැව් 10 ක් වර්ෂ 1800 සිට 2017 ජූනි දක්වා වාර්තා වෙනවා. එලෙසින් අතුරුදහන් වු මිනිස් ජිවිත දහස් ගනනක් වෙන අතර 1969 දි බහස්මාස්හි පිහිටි ග්‍රේට් අයිසැක් ප්‍රදිපාගාරයේ සේවයේ කල සේවකයින් දෙදෙනෙකුද වෙනවා. ඒ නිසාම මෙම ප්‍රදේශය යකාගේ ත්‍රිකෝණය යනුවෙන්ද හදුන්වනවා.

ඇමරිකාව යුරෝපය හා කැරියබියන් දුපත් වලට භාණ්ඩ හා මගින් ප්‍රවාහනය කල කාර්යබහුල මුහුදු මාර්ගයක් මෙම බර්මුඩා ත්‍රිකෝණය හරහා වැටි තිබෙනවා. මුලින්ම මෙලෙස නැවක් අභිරහස් ලෙස අතුරුදහන් වුයේ 1800 යුඑස්එස් පිකරිය නම් නැවයි. එහි මගින් 90 දෙදෙනෙකුද මෙලෙස අතුරුදහන් වි තිබෙනවා. තවද අතුරුදහන් වු මුල්ම ගුවන් යානය යුඑස්නේව් PBN3S මුර සංචාරක සි ප්ලේන් යානය වන අතර එය 1945 සිදුවිය. එහි කාර්යමණ්ඩලය 11 දෙනෙකු විය.

සමහරුන් මෙය සාමාන්‍ය සිදුවිමක් ලෙස සලකයි. තවත සමහරු ප්‍රකාශ කර සිටින්නේ මෙම සාගර ප්‍රදේශයේ ජිවත් වන විශාල සත්වයෙකු මෙම නැව් හාගුවන් යානා විනාශ කරන බවයි. එමෙන්ම තවත් මතයක් වුයේ මෙය විශාල බුවල්ලෙකු විසින් සිදු කරන බවයි. මෙය වර්ෂ ගානක් ජනප්‍රවාදයේ පැවති කතා විය. 1896 දී මෙය වඩාත් තහවුරු කිරීමට එක්තරා සිදුවීමක් සිදුවුනා. ඒ අඩි දෙසීයක් දිග ජලජ ජීවියකුගේ මළ සිරුරක් හමු විමයි. එය පළමුවෙන්ම පිරිමි ළමයින් දෙදෙනකු විසින් දැක ඇති අතර ඒ මියගිය යෝධ බූවල්ලෙකු ගේ සිරුරේ කොටස් බවට යේල් විශ්ව විද්‍යාලය අනාවරණය කරනවා. නමුත් 1995 දි කරන ලද පරීක්ෂණයකදී හෙලිවුනේ එය තල්මසෙකුගේ මේද තට්ටුවක් බවයි. එහෙත් වැන්කුවර් මසුන් ඇති කරන මධ්‍යස්ථානයේ ආචාර්ය ජෙෆ් මාලියේවා සඳහන් කළේ මෙම ත්‍රිකෝණයට අයත් ප්‍රදේශයේ එවැනි බූවල්ලන් සිටිය නොහැකි බවයි. 2005 වර්ෂයේදී සමාජගත වූ ඡායාරූපයක් හේතුවෙන් මෙම කතාව තවත් මිත්‍යාවක් නොවන බවට හෙළි වුණා. ඒ තමයි සාගර ජීවි විද්‍යාඥ සුනෙමි කුබොඩෙරා හා කියෝව් මෝරි මෙම ත්‍රිකෝණයේ කිමිදුම් කරමින් සිටියදි විශාල දැල්ලකු ගොදුරක් පසුපස ආක්‍රමණශීලී ලෙස හඹා යන ඡායාරූපයක්.

කෙසේ වෙතත් බර්මුඩා ත්‍රිකෝණය හරහා ගමන් කළ ගුවන් යානා සහ යාත්‍රා කරන නැව් විනාශ වූයේ එහි අද්භූත සත්වයකු විසින් බවට පැවති මතවාදය පිළිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් සමත් වුණේ නැහැ. නාසා ආයතනය විසින් කක්ෂගත කරන ලද ටෙරා මෝඩ්ස් චන්ද්‍රිකාව මගින් මෙහි වැදගත් තොරතුරක් හෙලිදරව් කිරිමට හැකි වුනා.

මෙහිදී ඔවුනට දැක ගත හැකිව සැතපුම් 20 සිට 55 දක්වා ප්‍රමාණය වූ ෂඩ්‍රාශාකාර වලාකුළු පටියකි. මෙම වායු බෝම්බ ලෙස ක්‍රියා කරන බව ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාල කාලගුණ විද්‍යාඥ ආචාර්ය රැන්ඩි සවෙනි ප්‍රකාශ කරනවා. මෙගින් ඇතිවන ප්‍රබප වායු දාරා වලාකුළු යටින් අධික ලෙස සාගරයට පතිත වන බවත් ඉන් විශාල සාගර රැලි ඇතිවන බවත් ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන් මෙලෙස ගුවන් යානා හා නැව් අභිරහස් ලෙස විනාශ වන බවට හෙලිදරව් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *