Sat. Jun 25th, 2022

අමා ටෙලිනාට්‍ය නිසාම ජනතාවගේ හදවතේ අදටත් ඒ චරිතය ආදරනිය ලෙස රැදි තියෙනවා. ඇය නමින් ශෙරිල් ඩෙකර්. ජනප්‍රිය ගායක රුවන් සමඟ විවාහ වුයේ බොහෝ දෙනෙකුගේ ආදරයද දිනා ගනිමින්. ශෙරිල් පුංචි කාලේ තාම අපි කරාද නිළියක් වෙන්න, ඇත්තටම මම ඉස්සර නිළියක් වෙන්න ආසයි. පුංචි කාලේ මම හරි කටකාර චරිතයක්. පුංචි කාලේ මගේ දගවැඩ දැකලා ආච්චි කියලා තියෙනවා මම කවදාහරි නිළියක් වෙයි කියලා. ඒ අය මට හරිම ආදරෙයි. මම නර්තනයට ගොඩක් දක්ෂ කෙනෙක්. නර්තනය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. පුංචි කාලේ එක එක හින තිබුන මට. ගුරුවරියක් වෙන්න ගුවන් සේවිකාවක් වෙන්න මම ආස කලා. ඔය අතරේ නිලියක් වෙන්නත් ආස කලා.මගේ අම්මා තමා ගුරුවරියක් වෙන්න ආස කරපු මාව නිළියක් කලේ.

ඔබ වැඩියෙන් නිර්මාණ භාරගන්නේ නැත්තේ ඇයි, මට හිතෙනවා මම මේ ඉන්න විදිහ හොඳයි කියලා. මගේ හිත කියන්නේ එහෙමයි. මම මගේ හිත විශ්වාස කරන කෙනෙක්. අපි හැම වෙලාවකම නිර්මාණ වල ඉන්න ඕන කියලා දෙයක් නෑ. අපිට ජීවත් වෙන්න සල්ලි ඕනේ තමයි. හැබැයි මම සල්ලි වලට මේ රස්සාව කරන කෙනෙක් නෙවෙයි. මම හම්බ කරල තියෙන්නේ සමාජේ මිනිස්සුන්ගේ සතුට. ඒකට මට ගොඩක් සතුටුයි. මම කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් ජීවත්වුණ කෙනෙක් නෙවෙයි. සම්මාන පස්සේ යන්නෙත් නෑ මම. මට දෙවියන් වහන්සේ දිලා තියෙන දේ මම හිතට එකඟව භාරගන්නවා. මම හැමදාම පොලවේ පය ගහලා ජීවත්වුන කෙනෙක්.

ඔබ වැඩි වශයෙන් දෙවියන් වහන්සේ විශ්වාස කරන කෙනෙක්ද, ඇත්තටම ඔව්. මම රෝමානු කතෝලික කෙනෙක්. මම බෞද්ධ ආගම ටත් ගොඩක් ගරු කරනවා. අපි මොන ආගමකට වුනත් ගරු කරන්න ඕනේ. මම මිනිසුන්ට වුණත් ගරු කරන කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මම ඉගෙනගත්ත දේ ඒක. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මට තියෙනවා. හැම නරක දේකින්ම මාව බේරගෙන තියෙනවා. මම මගේ ජිවිතයට ආදරෙයි.ඒ නිසා මම සතුටින්.

අමා ටෙලිනාට්‍යයේ අමාට ලැබුන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ, අදටත් මට ගොඩක් අය කතා කරන්නේ අමා කියලා. ඇත්තටම අමා කියන චරිතය තුළින් මට ලස්සන තැනක් හදලා දුන්නා. අමා කියන චරිතය මට ලැබුණේ වාසනාවට. අදටත් අමා ජීවත් වෙනවා, මම හිතන්නේ නිර්මාණ දහයක් කරනවට වඩා එක නිර්මාණය කරල මේ වගේ ආදරයක් ලබන එක වටිනවා. මම මේ ලඟදි ගාලු ගියා. එහිදි සට ගොඩක් අය කතා කළේ අමා කියලා. අදටත් මිනිසුන්ගේ හිත්වල අමා කියන චරිතය ජීවත් වෙනවා කියලා මට දැනෙද්දි මට ගොඩක් සතුටුයි. අපි ජිවිතේ හැමදේම සමබරව කරගෙන යන්න ඕනි.