‘ගුටිකන්න බැරි නිසා ඒ නාට්‍යයෙන් ඉවත් වුනා’ මහේෂි කියන කතාව

මහේෂි මධුශංකා කියන්නේ මෑත කා⁣ලයේ බොහෝ දෙ⁣නෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය කාලයක් රංගන කටයුතු අතරමඟ නතර කලේ දෙවනි වරටත් මව් පදවිය ලැබිමත් සමඟ. බොහෝ දෙනා ඇය ගැන කතා කරන්න පටන් ගත්තේ ස්වර්වාහිනියේ ඇය ටෙලිනාට්‍ය තුළින්. කතාව නිමා වුවත් මහේෂි ගැන කතා කරන එකනම් අඩුවක් වුනේ නෑ .ඒ නිසාම අපිහිතුවා ඇය ගැන කතා කරන්න.

‘ඇය’ ටෙලිනාට්‍ය ආරම්භයේ සිට ඇය දකින්න ලැබුනත් අතරමඟ ඇය නොදැක සිටින්නට ප්‍රෙක්ෂකයන්ට සිදුවුනා. එහෙත් කතාව අවසාන වෙද්දි ඇය නැවත කතාව තුළ දකින්න ලැබුනා. ඉතින් අපි හිතුනා ඒ ගැන හේතුව ඇයගෙන්ම අහන්න “ඇත්තටම මම ගොඩක් ආසාවෙන් ඇය ටෙලි නාට්‍යයට සම්බන්ධ වුනේ. ඒත් මගේ දරුවා ලැබෙන්න හිටපු නිසා මට කතාවෙන් අකමැත්තෙන් වුනත අයින් වෙන්න වුනා. ඒකට හේතුව ඒකේ සමහර කොටස් තිබුනා මට ගුටි කන්න වැටෙන්න මේ වගේ දේවල්. ඉතින් ඇත්තටම මට ඒ දේවල් ඒ කාලය තුළ කරන්න බැරි නිසාම මම කතාවෙන් අයින් වෙන්න තිරණය කලා. ඒත් මම හදවතින්ම ඒ චරිතය කරපු නිසා වෙන්න ඇති මට ආයේත් කතාව ඉවර වෙන්න කලින් ඒ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුනා. සාමාන්‍යයෙන ලංකාවේ චරිතයකින් අපි අයින් වුනහම ආයේ අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ හැබැයි මම කරපු කැපකිරිම් නිසාද කොහෙද මට ඒ අවස්ථාව ආයේ ලැබුනා”

මේ වන විට මහේෂි කියන්නේ දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් ඔබට ජිවිතේ වගකිම් දැනෙන්නේ කොහොමද ? “ඒ ගැන කතා කලොත් ඉස්සර මම රූගත කිරිම් කරද්දි ඒ ගැන විතරයි හිතන්නේ. හැබැයි දැන් රූගත කිරිම් ඉවර වෙලා ගෙදර එන්නේ කොයි වෙලාවෙද බලන් ඉන්නේ. එයාලා තාත්තාට මගේ අම්මාට එකතු නිසා බයක් නැතුව එයාලා දාලා මම වැඩ කටයුතු කරගන්නවා. ඒත් දරුවෝ කියන්නේ ජිවිතේ ලොකු වගකිමක් කියලා මට දැනෙනවා.”

ඔබේ ආදරණිය ස්වාමියා සම්පත් ඔබට රංගවයට නිති දාලා නැද්ද? සම්පත් කියන්නේ ගොඩක් හොද කෙනෙක්. එයා හරි ආදරෙයි මට. කිසිම දවසක එයා මට නිති දාලා නෑ. මම කලින් ප්‍රේමය කරපු කෙනෙක්. එහෙම බලද්දි සම්පත් කියන්නේ මට ගැළපෙනම කෙනා. ඒතට හේතුව එයා මාව හොදින් තේරුම් අරගෙන ඉන්නවා.

මානසික නිදහස කියන දේ මගේ ජිවිතේ ඇතුලේ එයා මට දිලා තියෙනවා. මම එයාට වරදක් නොකරන බව දන්න නිසාම එයා මාව විස්වාස කරනවා. හැබැයි මම රංගනය ඇතුලේ මටම නිති දාගන්නවා. ඇදුම පැලදුම් වලට සමහර රූගත කිරිම් වලට මම නිති දාගන්නවා. මම මටම නිති දාගන්නවා මිස් සම්පත් මට කවදාවත් මේ දේ කරන්න එපා කියලා කවදාවත් කියලා නෑ.”

කාලයක් මහේෂි පෞද්ගලික ජිවිතේ ගැන කිසිම දෙයක් සමාජයට දුන්නේ නෑ. ඉතින් එයට හේතුව ඇය කිවේ මේ විදිහට “ඒකට හේතුවක් තියෙනවා. මොකද මම කලින් මගේ ප්‍රේමය ගැන ගොඩක් කතා කලා. ගොඩක් ප්‍රසිද්ධ කලා. හැබැයි එයා අපේ සම්බන්ධය රැකගෙන තියෙන්නේ තවත් සම්බන්ධයක් එක්ක. ඉතින් ඒ දේවල් එක්ක මට ලොකු කලකිරිමක් තිබුනා. ඉතින් මම ම⁣ගේ දෙවනි දරුවා ලැබෙනකන් සමාජයට මගේ විවාහ ජිවිතේ ප්‍රසිද්ධ කලේ නෑ. සම්පත් වුනත් ඒ ගැන කිසිදෙයක් මට කිවේ නෑ. එයා මට වඩා අවුරුදු 10ක් වැඩිමල් කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති එයාට මාව හොදට තේරුම් ගන්න පුළුවන්. අනික විවාහ වුනාට පස්සේ අපිට කාවවත් මාරු කරන්න බෑ. ඒ නිසාම මට මගේ විවාහ ජිවිතේ රැකගන්න ඕනි වුනා. ඒ දේවල් නිසා කාලයක් මම පෞද්ගලික ජිවිතේ සමාජය ඇතුලේ කතා නොවෙන මාතෘකාවක් කළා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *