Tue. May 17th, 2022

ගිරිරාජ් කෞෂල්‍යය කියන්නේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන අති ධක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ගිරිරාජ් කෞෂල්‍යය කියන්නේ ලාංකේය සිනමා ලෝකයට විශිෂ්ට සිනමා නිර්මාණ රැසක් දායාදකල අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම තිරකතා පිටපත් රචකයෙකු ලෙසද නමක් දිනා ගත් අයෙක්, වේදිකාවට වගේම රිදීතිරයේත් ඊට නොදෙවෙනි ලෙස පුංචි තිරයෙත් ප්‍රේක්‍ෂක ආදරේ නොඅඩුව දිනාගන්න ගිරිරාජ් කෞෂල්‍යයට හැකිවෙනවා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ගිරිරාජ් කෞෂල්‍යය පසුගිය දිනක රෝගාතුර වෙනවා. මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ගිරිරාජ් කෞෂල්‍යය මහතා සමග කතා කරන්නයි මේ සුදානම.

කොහොමද අලුත් තොරතුරු ”අලුත් තොරතුරු කියන්නේ මම දැන් ටිකෙන් ටික සුවය ලබමින් ඉන්නවා. ඇත්තටම එහෙම ලොකු අසනීපයක් මට දැනගන්න ලැබුනේ නෑ. බෙල්ලේ තද වේදනාවක් නැති පුංචි ගැටිති දෙකක් ඇතිවුනා. එක පෙන්නලා බෙහෙත් ගන්න ගියාම තමයි මගේ සැබෑ රෝගී තත්වය ගැන දැනගත්තේ. මේ රෝගී තත්වය ගැන මුලින්ම හඳුනාගත්තේ අපේ පවුලේ වෛද්‍යවරයා වුන වාසුදේව මහත්මයා. පස්සේ මම රෝහල්ගතවෙනවා. අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛදය දේවා නන්ද ජයතිලක, වෛදය සනත්, අපේක්ෂා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත්, හෙද හෙදියන්ට, අනිකුත් මහත්ම මහත්මීන්ට මම ස්තූතිවන්ත වෙනවා මාව මේලෙස සුවපත් කිරීම ගැන.”

ඔබට ඔබගේ ප්‍රේක්ෂක ආදරේ වැඩිපුරම ලැබුන කාලය මේක නේද ”ඇත්තම කියනවනම් අපේ ගෙදර අයත් ඔය කතාවම කියනවා. ප්‍රේක්ෂකයෝ මේ තරම් ආදරෙයි කියලා ගෙදර අයවත් හිතලා තිබ්බේ නෑ, කවුරුහරි කෙනෙක් සමාජ ජාලාවලට මුදාහැරලා තිබා මම අසනීප වෙලා කියලා. එක දැනගත්තම විශාල පිරිසක් මට ආශිර්වාධ කරලා තිබ්බා. ඇත්තට මට ආශිර්වාද කල අය මම පුද්ගලිකව හඳුනන්නේ නෑ, එත් ඒ අය ඒ දේවල් කලේ වාසි ලබා ප්‍රයෝජන බලාගෙන නෙවෙයි. ඒ තුල තිබුනේ ආදරය. එදා මම වේදිකාවෙන් පටන්ගෙන අදවෙනකන් දිනාගත් දේ තමයි ඒ.

මම පුළු පුළුවන් විදියට හැමෝටම මම උදවු කරලා තියෙනවා. මම මුලින්ම රැකියාව කලේ ගිරාඳුරුකෝට්ටේ. එහේ මිනිස්සු ලෙඩ උනාම කොළඹ එක්කන් ඇවිත් සනීප කරලා ආයේ එක්කන් යනවා. මම අසනීප උනාමත් ඒ ආශිර්වාධය මට ලැබුනා කියලා මම විශ්වාස කරනවා. මගේ අසනීපය එක්ක සමහරු සමාජ ජාලාවලට දාලා තිබ්බා මම ආයේ රඟපාන්නේ නෑ කියලා. එහෙම පටු අරමුණු තිබ්බ අයත් හිටියා. ඒ ගැන මම කනගාටු වෙන්නේ නෑ. මම ලෙඩ වුනාම මට උදවු කරපු විදේශ ගතව ඉන්න ප්‍රේක්ෂකයින්ට, මගේ යහළු යෙහෙළියන්ට,විශේෂයෙන්ම මගේ ලඟින්ම හිටපු මගේ බෑණාවරුන් දෙන්නට මම ස්තුති කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *