‘ගෑනු නාන දිහා හොරෙන් බලන පිරිමින්ට ජංගියට ජංගිය කිවුවම අවුල්’ දිල්හානි කියන කතාව

මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුන ඉදිරියේදි තිරගත විමට නියමිත චිත්‍රපටයක් ලෙස සෝමරත්න දිසානායක මහතාගේ ”under pants thief” සිනමා පටය හඳුන්වා දෙන්න පුළුවන්. මෙම සිනමා කෘතිය වෙනස්ම කෘතියක්. එහි රංගනයෙන් දායක වෙන ඇය ගැන අද කතාව. ඇය මෙහි ප්‍රධාන චරිතයට පන පොවනවා නමින් ඇය දිල්හානි අශෝකමාලා. කාන්තා යට ඇදුම් වලට වැඩි ආකර්ෂණයක් ඇති මානසික ව්‍යාධියෙන් පෙලෙන අය ගැනයි මේ වෙනස්ම සිනමා කෘතිය හරහා කතා වෙන්නේ.

ඉතින් අපි හිතුවා මේ සිනමාපටය පිලිබඳ ඇය සමග කතා කරන්න. දිල්හානි තිරගත විමට ආසන්න චිත්‍රපටය ගැන කතා කලේ මෙවැනි අදහසකින් “අපි ඇත්තටම මෙ වගේ මතෘකා කතා කරන්න ඇයි ලැජ්ජා වෙන්නේ. මේ වගේ තත්වයන් සමාජයේ ඕනිම තැනක දකින්න ලැබෙනවා. වර්තමානයේ ගෑණු අය ඇළක දොළක නානවනම් හොරෙන් බලන පිරිමි නැතුව නෙවෙයි. ඕන තරම් පිරිමි ඉන්නවා ගෑනු නාන දිහා හොරෙන් බලන, ඒ වගේ තමා අද සමා⁣ජයේ ඒ වගේ දේවල් කැමරා දාලා බලන තත්වයට ඇවිත් තියෙනවා. ඉතින් ඇත්තටම මෙහෙම මානසික තත්වයන් ය⁣ටතේ ජිවත් වෙන පිරිස් අපිට එදිනෙදා ජිවිතයේ හමු වෙනවා. එහෙම චරිත පාදක කරගෙන තමයි මේ සිනමා කෘතිය නිර්මාණය වෙන්නේ.”

මෙවැනි මානසික තත්වයක පෙලෙන අයෙක් දුටුව හොත් බොහෝ දෙනා කරන්නේ ඔහුව පිඩනයට පත් කරන එක. ඉතින් සැබවින්ම එයට සිදු කල යුත්තේ කුමක්ද යන්න නිගමනයක් මේ චිත්‍රපටය ඔස්සේ සමාජයට ලබා දෙනවා. ඉතින් මේ ගැනද දිල්හානි පවසා සිටියේ මේ වගේ අදහසක්, “මම දැක්කා ගොඩක් සමාජ මාධ්‍ය වල මේ චිත්‍රපටය ගැන කතා වෙනවා. සමහරු ඇත්තටම මට කතා කරලත් මේ ”ජංගි හොරා” ෆිල්ම් එක ගැන අහනවා. ඉතින් එහෙම කතා බහට ලක්වෙලා දැන්මම මේ චිත්‍රපටය. මේ කාලය තුළ නිර්මාණ එළියට ආවත් ඒවා සමාජයට පණිවිඩ තබන ලෙස නිර්මාණ කිරීම අපහසුයි. හැබැය මම හිතනවා මේ චිත්‍රපටය වෙනස් දෙයක් වෙයි කියලා”

බොහෝ දෙනා මෙයට හිනා වෙන්නේ මෙයට යොදාගත් නම නිසා. දිල්හානි මොන වගේ අදහසක්ද කියන්නේ ඒ ගැන. “අපි ජංගියට ජංගිය නොකියා වෙන මොනා කියන්නද. අනික එහෙම නමක් දාපු නිසානේ අද බොහෝ දෙනා මේ ගැන කතා වෙන්නේ. ඉතින් අපිට වෙන්න ඕනි දේත් ඒක. කට කතා මොන දේ කිවත් අපි හිතනවා මේක වෙනස්ම විදිහේ චිත්‍රපටයක් කියලා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *