Tue. May 17th, 2022

දමිතා අබේරත්න කියන්නේ අපේ කළා ලෝකයේ ඉන්න අතිදක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම සම්මාන රැසකට හිමිකම් කියන චරිතාංග නිළියක වශයෙනුත් ඇය හඳුන්වන්න පුළුවන්, පසුගිය දිනක දමිතා විවාහ දිවියට පිවිසුනා. පසුව ඇය පිලිබඳ සමාජ ජාලාවල පැතිරුනේ දමිතා උතුම් මවු පදවිය ලබලා කියලයි. ඒ නිවුන් දරුවන්ට උපත දෙමින් කියලා, නමුත් මෙය ව්‍යාජ පුවතක් කියලයි පසුව දැනගන්න ලබුනේ,

කොහොම වුනත් ඇය මේ වෙනුවෙන් කිහිප වතාවක්ම අදහස් දක්වලා තිබ්බා. ඒ අසත්‍ය පුවත් සමාජ ගතකරන්න එපා කියලා. ඉතින් පසුගියක ඇය ජනප්‍රිය යුටියුබ් නාලිකාවක දැක්වූ අදහස් තමයි මේ. ”මගේ ජීවිතේ මට වැරදුනේ ආදරේ කරලා විතරයි. මට දෙපාරක් වැරදුණා. ඒ ආදරේ කළේ කවදාවත් ඒ මනුස්සයගේ පිටින් පේන රූපෙට නෙවේ. මම හෙව්වා ඒ කෙනාට මට තාත්තා කෙනෙක් වෙන්න, සහෝදරයෙක් වෙන්න පුළුවන්ද කියලා. එහෙම වෙලත් වැරදිච්ච තැන් තිබුණා. ඒත් මම කවදාවත් මගේ ආත්මය විකුණලා නෑ. අපිට ගොඩක් කතා කියයි අපි රංගන ශිල්පීන් නිසා. කිසිම වරදක් නොකර පිවිත ගත කරන ශිල්පීන්ට නිරපරාදේ කතා හදනවා. නමුත් මම හොඳටම දන්නවා. ඒ අය පුද්ගලික ජීවිතේ හොඳින් ඉන්න අය. ලියන කමෙන්ට් වලින් ජීවිත තීරණය කරන්න බෑ ටයිප් කරන්න ඉස්සල්ල ගොඩක් හිතන්න. මේවා මහා පව් ඇත්තටම . ඒ වගේ දේ නොකර ඉන්නවා නම් හොඳයි.”

“මම හොයන කලාව හොයාගෙන යන අධ්‍යක්ෂවරවක් වෙන්න හීනයක් තියනවා. ඒ වගේම අතිශය සාම්ප්‍රදායික ගැහැනියකට තියෙන ආසාවක් මට තියනවා. මම බොහෝම පොඩි කාලෙන් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් හිටපු කෙනෙක්. තාම අවුරුදු හතළිස් ගාණක් වෙලත් තාම මම අම්මා කෙනෙක් වෙලා නෑනේ ඉතින්. ඒ ආසාව තියනවා. දෙයියෝ මට කොයි විදිහට දෙයිද කියලා. මම මගේ මුලු ආමෙන්ම අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා.” කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *