Tue. May 17th, 2022

මේ දිනවල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කතාවක් තමයි පාරදිගේ ටෙලි නාට්‍යය කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පාරදිගේ ටෙලි නාට්‍යය අරවින්දි සමඟ. ඇය නමින් ගයත්‍රී මාර්ටිනා මාරි පැල්පොල. ගයාත්‍රි කොහොමද අරවින්දි වුනේ. ”පාර දිගේ කියන්නේ මගේ දෙවැනි ටෙලි නාට්‍ය. මම පළමුවෙන්ම රඟපෑවේ අග්නි පියාපත් කියන ටෙලි නාට්‍යය. ඒ හරහා තමයි මට රංගනයට එන්න පාර හැදුණේ. මම ආව ගමනේ මට උදවු කරපු අය ගොඩක් ඉන්නවා. මම රංගනයට එන්න කලින්මොබිටෙල් ආයතනයේ පාරිභෝගික සේවා නිලධාරිනියක් විදිහට කටයුතු කළා. මම අවුරුදු දහයක් අවුරුදු දහයක් ඒ රස්සාව කළා. අවසානයේ මම රංගනයට යොමු වුණා.”

ඔබ රූ රැජන රැජින තරගයකට ඉදිරිපත් වුනාද, ”ඔව් මම 2019 මම 2019 වසරේ මිසිස් යුනයිටඞ් නේ්ෂන් ශී‍්‍ර ලංකා කියන රූ රැජින තරගාවලියට ඉදිරිපත් වුණා. ඒ තරගයේ කිරුළ දිනා ගන්න මට පුළුවන් වුණා. මලිත් රණසිංහ තමයි මේ තරගය සංවිධානය කළේ. 2020 තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ.”

ඔබට ජනප්‍රියත්වය කියන්නේ මොන වගේ හැඟීමක් ද, ”මම ජනප්‍රියත්වය නිසා හිස උදුම්මවා ගන්නේ නැහැ. මම ජනප්‍රිය වුණත් මම කැමති සරලව ජීවත් වෙන්න. ඒ නිසාම වෙන්න ඇති මට ජනප්‍රියත්වය කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක්. මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මම සතුටු වෙනවා මිසක් ඒ නිසා උඩගු වෙන්නේ නැහැ. මට සතුටුයි මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන. ඒ සතුට හැමදාම ත තියා ගන්නයි මට ඕන කරන්නේ.”

අරවින්දි කියන චරිතය ඔබට දැනෙන්නේ කොහොමද, ”අරවින්දි කියන්නේ කේන්ති ගන්න චරිතයක්. හැබැයි මම අරවින්ද වගේ කේලම් කියලා චරිතයක් නම් නෙවෙයි. ගයාත්‍රි කියන්නේ බොරු කියන කෙනෙක් නෙවෙයි. ගයත්‍රි කියන්නේ බොහොම සරල කෙනෙක්.”

ආපු ගමන ගැන ඔබට මොකද හිතෙන්නෙ, ”ඇත්තටම මම ආවා ගමන ගැන මට ගොඩක් සතුටුයි. මම හිතුවේ නෑ මට මෙච්චර ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. මම ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුද්දක් වගේ යද්දි ගොඩක් අය මාව අඳුරගන්න අඳුර ගන්න පටන් ගත්තා. ඉතින් ඒ ගැන ඇත්තටම මට නිහතමානි නිහතමානී සතුටක් තියෙනවා. මොකද මේ ක්ෂේත්‍රයේ රැදෙන එක ලේසි නැහැ. අනික ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගන්න එකත් ලේසි නැහැ. ඉතින් මම අද රසිකයන්ගේ ආදරය ලබනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *