‘කෝටියක් දුන්නත් යන්න බැරි තැන්වලට මම ගිහින් තියෙනවා’ ජනප්‍රිය නිලි නයනා කියන කතාව

නයනා කුමාරි කියන්නේ මෙරට ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක්. නිරන්තරයෙන් ඇය නිර්මාණ තුළින් නොහැකි වුවත් ඇය සම්බන්ධව නිර්මාණ තුළ සාර්ථක ලෙස ඇය තම චරිතය නිරූපණය කරයි. රංගනයෙන් එහාට ගිය දෙයක් ගැනයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. රූපලාවණ්‍ය කටයුතු වලට කාර්යබහුල වෙලා ඉන්න නයනා මේ දිනවල නිර්මාණ තුළින් අඩුවෙන් තමයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. ඔබ පුරුද්දක් විදිහට travel කරන කෙනෙක්ද, ”පුරුද්දක් විදිහට මම ඇවිදින කෙනෙක් නෙවෙයි. සමහරු නම් පුරුද්දක් විදියට travel කරනවා. මම හිතන්නේ මම අකමැතිම දේ travel කරන එක.”

ඔබ travel කරන්න අකමැති ඇයි, ”ඒකට හේතුව තමයි මම පුංචි කාලේ ඉදන් කලා කටයුතුවලට සම්බන්ධ වුණ කෙනෙක්. ඒ නිසාම මම ලංකාවේ නොගිය තැනක් නැහැ. ලංකාවේ විතරක් නෙමෙයි විදෙස් රටවල මම ගිහින් තියෙනවා. එහි ගිහිල්ලා දවස් ගණන් මාස ගනන් ඉඳලා තියෙනවා. අන්න ඒ දේවල් නිසා තමයි මම travel කියන දේට මේ තරම් අකැමැති.”

අපි දැකල තියෙනවා සමහර රූප රාමු වලින් විතරක් සමහර ස්ථාන විදිනවා ඒ තැනට යන්නේ නැතුව, ඒ වගේ සිද්ධි ගැන ඔබ මොකද හිතන්නේ, ”මම හිතන්නේ යම් ස්ථානයක අපි ආස කරනවනම් ඒ තැනට ගිහිල්ලා ඇස්දෙකින් දැකලා කන් දෙකෙන් අහන්න ඕන. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ඡායාරූප ඡායාරූපවලින් එතැන විඳින්න පුළුවන්. අපේ රටේ ගොඩක් සිද්ධ වෙන දෙයක් තමයි කට්ටිය travel කරන්න කියපු ගමන් කරන්නේ ඡායාරූප ගන්න එක. හැබැයි ඔවුන් දන්නෙ නෑ එතන හොඳ ද නරක ද කියලවත්. ඔවුන්ගේ මූලිකත්වය හිමි වෙන්නේ ඡායාරූපවලට. මම කියන්නේ සජිවිව අපි ඇස් දෙකෙන් තැනක් විදලයි ඡායාරූපවලින් අපේ තැන විදින්න ඕන.”

අනාගතේදී යන්න ආස තැනක් තියෙනවද, ”අද කෝටියක් දුන්නත් යන්න බැරි තැන්වල මම ඒ කාලේ ගිහින් තියනවා. මම ඉන්දියාව දඹදිව නේපාලය හැමතැනම සංචාරය කරපු කෙනෙක්. ලංකාවේ ගොඩක් තැන්වල සංචාරය කරලා ඒ ගැන තොරතුරු දැන ගත්ත කෙනෙක්. මම ගොඩක් වැඩසටහන් කරන්න සංචාර කටයුතු වල නිරත වුනා. ඒ කිසිම තැනක මම මුදල් ගෙවලා නෙවෙයි ගියේ. හැබැයි අදටත් මම ආසයි ඉන්දියාවේ දඹදිව සහ නේපාලයට යන්න.”

ලංකාවෙන් පිට සංචාරය කරන්න ආස රටවල් තියනවද, ”මම ලංකාවෙන් පිට රටවල් කිහිපයකටම ගිහිල්ලා තියෙනවා. ”සමහර සංචාර මාස දෙක තුන ඉදල තියනවා. හැබැයි ඒ එද්දි පිස්සු හැදිලා වගේ තමයි එන්නේ. ඒ නිසා මම ආස නෑ ලංකාවෙන් පිට වෙන කිසිම රටක සංචාරය කරන්න. කිසියම් වැඩකට විදේශ සංචාරයක් ලැබුනොත් මම කැමතියි වැඩේ ඉවර වුණ ගමන් නැවත ලංකාවට එන්න. අනිත් අය වගේ ඇවිද ඇවිද කාලේ ගෙවන්න මම කැමති නැහැ.”

ලංකාවේ ඔබ ගියපු තැන් වලින් නැවත යන්න ආස කරන තැනක් තියෙනවද, ”සංචාරය කරන්න අකමැති වුණත් මම ආසයි ලංකාවේ මීමුරේ යන්න. මීමුරේ කියන්නේ මම ආස කරන තැන. මගේ මුල්ම රූගත කිරීම් කිරීම සිද්ධ වුණේ මීමුරේ. වචනයෙන් කියන්න බැරි සුන්දරත්වයක් තියෙන තැනක් තමයි මි මුරේ කියන්නේ. ලඟදි මීමුරේ නොගියත් බලාපොරොත්තුවෙන් ඉන්නවා ළඟදිම දවසක මේ මුරේ සංචාරයක යන්න.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *