කෝටිපති සැමියත් සමහ විනු උඩු ගුවනේදී ජයටම සමරපු විවාහ සංවත්සරය

කාලයක් රංගනයෙන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉඳලා දැන් වැඩිය කළා ලෝකයෙන් පේන්නේ නැති රංගන ශිල්පිනියක් තමයි විනූ සිරිවර්ධන කියන්නේ, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වගේම නිරූපන ශිල්පිනියක වන විනු සමගයි අද අපේ කතාබහ, ඉතින් විනු මේ දවස්වල වැඩිය දකින්න නෑ ඇයි ඒ ”අලුත් නිර්මාණ වලටනම් ආරාධනා ගොඩක් එනවා, ඒත් මම ඒවා බාරගන්නේ නෑ, හැබැයි එක දවසේ රූගත කිරීම් කරන නිර්මාණ වලට සම්බන්ද වෙනවා, ඊට අමතරව හද රැදි පැය කරනවා, ටීවී වැඩසටහන් වලට සම්බන්ද වෙනවා. එච්චර තමයි තව ඉතින් පොඩි පොඩි වැඩ වලට යනවා අනවශ්‍ය විදියට කාර්යබහුල වෙන්න කැමති නෑ මොකද මම දැන් බැඳලා නේ”

ඒ කියන්නේ විනූ හොඳ බිරිඳක් ද..? ”ඒක කියන්න ඕන මම නෙවෙයි මම හොඳ බිරිඳක් කියලා කියන්න ඕන මගේ සැමියා, හැබැයි මගේ සැමියනම් ඇත්තටම ගොඩක් හොඳ සැමියෙක් ඉතින් මම එයා වෙනුවෙන් කරන කැප කිරීම් සාදාරනයි, එයා මට ඕනෑවටත් වඩා නිදහස ලබාදීලා තියෙනවා, හැබැයි ඔයා සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න එපා කියලයි එයා මට නිතරම කියන්නේ, මම විවාහ වෙන්න කලින් නිර්මාණ ගොඩකට සම්බන්ධ වුණා හැබැයි දැන් මම මේ ඉන්න විදිය හොඳයි, කොහොමත් මගේ ජීවිතයේ අංක එක මගේ පවුල”

විනූ දැන් රසට උයන්න පුලුවන්ද ”ඉස්සරනම් මට රසට කෑම හදන්න බෑ, හැබැයි මම පහුගිය කාලේ එක එක කෑම ජාති හදලම පුරුදු වුනා දැන් කසුනුත් කියනවා මම හදන කෑම ගොඩක් රසයි කියලා, ඒ වගේම මගේ යාලුවොත් කියනවා, කසුන්ගේ යාලුවොනම් විහිලු කරනවා වයිෆ් ළඟ ඉන්න නිසා තමයි කසුන් විනුගේ කෑම රසයි කියන්නේ කියලා”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න විනු පසුගිය දවසක ඇයගේ විවාහ සංවත්සරය සමරලා තිබ්බා ඒ විශේෂ තැනකදී, ඒ තමයි ඔවුන් මේ විවාහ සංවත්සරය සමරලා තියෙන්නේ උඩු ගුවනේදී, ඉතින් ඒ සම්බන්දයෙන් වීඩියෝ එකකුත් ඇයගේ යුටියුබ් නාලිකාවට එකතු කරලා තිබ්බා ඒ විතරක් නෙවෙයි විනුට ආදරේ කරන ඇයගේ රසික රසිකාවියන් ගොඩක් විනුට සහ ඇයගේ ආදරණීය සැමියාට සුබ විවාහ සංවත්සරයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරලා තිබ්බා”

Related Posts

Leave a Reply

Your email address will not be published.