ඇය ඉන්දු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් ලෙස හැඳින්විය හැකිය. සිංහල, දෙමළ, තෙළිඟු, මලයාලම් නිළියක් වන ඇය සිනමාව තුළ දක්ෂ රංගන ශිල්පිනියක් බවද කිව යුතුමයි. අංජලිකා, සුවඳ දැනුණා ජීවිතේ, ආසයි මං පියාඹන්න ආදී චිත්‍රපට වලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය නමින් පූජා ගෞතමී උමාශංකර්. ඉතින් අද අපි සූදානම් වෙන්නේ අය ගැන කතා කරන්නයි.
ඉන්දියාවේ සිට පැමිණි පූජා මෙරට ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තේ සිනමාව තුළින්. ඇයට සිනමාව ආදුනික තැනක් නොවන්නේ ඒ නිසා. පුජා ගොඩක්ම බය වතුරට බවයි ආරංචි, ඇත්තටම මම වතුරට ගොඩක් බයයි. චිත්‍රපටි වල මට වතුරට පනින සින් තියෙනවා. මම ඒ දේවල් වලට මුහුණ දෙන්නේ හරිම බයෙන්.
පුජා කියන්නේ වයස ගියත් වයස නොපෙනෙන සුන්දර නිළියක්. ඇගේ පෙනුම තවමත් තාරුණ්‍ය පෙනුමකට හිමිකම් කියන බව බොහෝ දෙනෙත් දන්නවා. මේ වන විට පුජා කියන්නේ විවාහක කෙනෙක්. ඇය විවාහ වු පුද්ගලයා කලාවට සම්බන්ධ කෙනෙකු නොවන බවත් ඔහු ව්‍යාපාරිකයෙකු බවත් ඇය පැවසා සිටියා.
පුජා සිනමාවට පිවිසෙන්නේ බාලාගේ නාන් කඩවුල් කියන චිත්‍රපටය හරහා. එහිදි ඇය රඟපෑවේ දෑස් අන්ධ සිඟන්නිකගේ චරිතය වෙද්දි ඒ චරිතය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න සමත් වුනා.