කෝටිපතියෙක් සමග විවාහ වුන ටොක් රැජින සෙව්වන්දි උතුම් මවු පදවිය ලබන්න තව දින කිහිපයයි

කාලයක් ලංකාවේ වැඩිම පිරිසක් ආදරේ කරපු චරිතයක් තමයි සෙව්වන්දි නයනතාරා කියන්නේ, සෙව්වන්දි ලංකාව තුල වැඩිපුරම ජනප්‍රිය වුනේ ටික් ටෝක් හරහා, කාලයක් ටික් ටොක් රැජින විදියට හැඳින්වුනෙත් සෙව්වන්දි නයනතාරයි, ඉන්පසුව ඇය ටෙලිනාට්‍යකටත් සම්බන්ද වුනා, කොහොම වුනත් දැන්නම් ඇය කළා ලෝකය හරහා දකින්න ලැබෙන්නේ නෑ, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් ගොඩක් ආදරේ කරන සෙව්වන්දි එහෙමත් නැත්නම් ටික් ටොක් රැජින සමග,

සෙව්වන්දි නිලියක් වුනේ ටික් ටොක් නිසා නේද..? ”අනේ මම ඒ කාලේ ටික් ටොක් කලේ නිලියක් වෙන්න හිතාගෙන නෙවෙයි, මුලින්ම ඔය ඇප් එක තිබ්බේ මියුසිකලි කියලා නමකින් ඉතින් ඒකාලේ මම ඒක දාගත්තා එකේ තියෙන වීඩියෝ දැක්කම මට ආස හිතුනා ඒ වගේ වීඩියෝ එකක් හදන්න ඉතින් මම මග යාළුවො ටිකකටත් කියලා ඒ අයටත් කතා කළා වීඩියෝ කරන්න, හැබැයි ඒ අය ලැජ්ජයි කියලා බෑ කිවුවා මම වීඩියෝ කළා, මම හිතුවෙත් නැති විදියට ඒ වීඩියෝ නිසා මම ජනප්‍රිය වුනා,

ඒ වගේම මගේ වීඩියෝ ෆේස්බුක් එකේ ගොඩක් ශෙයා වුනා, ඉතින් එහෙම ජනප්‍රිය වෙලා ඉද්දි තමයි මට ටෙලිනාට්‍යකට ආරාධනා ලැබෙන්නේ, සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යක ප්‍රධාන චරිතයක් ගන්න ලොකු කට්ටක් කන්න ඕන, රංගනය ගැන හදාරන්න ඕන, හැබයි මම එහෙම කලේ නැ, ටික් ටෝක් නිසා මම ජනප්‍රිය වෙලා හිටපු නිසා මට කෙලින්ම ප්‍රධානම චරිතය ලැබුනා මම හිතන්නේ එක මගේ වාසනාව කියලයි”

සෙව්වන්දි දැන් විවාහ වෙලා ඉන්නේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් එක්ක ඒ වගේම දැන් ඔබ මවක් වෙන්න සුදානමින් ඉන්නේ ඉතින් මොකද හිතෙන්නේ ඒ ගැන ”ඇත්තටම මේ වගේ සැමියෙක් ලැබීම ගැන මම හරිම ආඩම්බරයි මොකද මගේ සැමියා මම ගැන ඕනෑවටත් වඩා හොයලා බලනවා ඒ වගේම එයා මට ගොඩක් ආදරෙයි, දැන් අපි දෙන්න තුන්දෙනා වෙන්න ඇවිත් තියෙන්නේ, ලෝකයේ තියෙන උතුම්ම පදවිය තමයි මවු පදවිය ඉතින් අපි දෙන්නම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ අලුත් අමුත්තා අපේ තුරුලට එනකන් තව බොහොම පොඩි කාලයයි එයා එන්න තියෙන්නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.