කෝටිපතියෙක් එක්ක විවාහ වෙන අසේකාගේ කහ ගෑමේ චාරිත්‍රය පැවැත්වුන හැටි

කළා ලෝකයේ හැමෝම ගොඩක් ගරු කරන ආදරණීය යුවලක් තමයි චන්න -උපුලී යුවල කියන්නේ. ඉතින් මේ දෙපලගේ ආදරණීය දියණිය තමයි අසේකා විජේවර්ධන කියන්නේ. ඇයත් ඇයගේ දෙමාපියන් වගේම ගොඩක් දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ අසේකා ගැන ටිකක් කතා කරන්න, ඉතින් අසේකා කවුරුහරි කෙනෙක් ඇහුවොත් ඔබ කියන්නේ කවුද කියලා ඔබ කොහොමද ඔබව හඳුන්වා දෙන්නේ. ”රටම ගොඩක් ආදරේ කරන චන්න උපුලී විජේවර්ධනගේ එකම දුව ඒ වගේම වෘත්තියෙන් නර්ථන ශිල්පිනියක් කියලා”

අසේකා පොඩිකාලේ ඉඳන්ම හීන දැක්කේ අම්මා තාත්තා වගේ වෙන්නද ? ”නැහැ මම පොඩිකාලේ හරිම ලජ්ජා කෙනෙක්. මෙමෙ ඒකාලේ වැඩිය නැටුම් වලට සම්බන්ද වුනේ නෑ. මොකද මම ආස නෑ මගේ ඇඟ පේන ඇඳුම් අඳින්න විශේෂයෙන්ම මගේ බඩ පේන ඇඳුම් අඳින්න. කොහොම වුනත් මගේ ඒකාලේ එකම හීනය වුනේ නර්ථන ගුරුවරියක වෙන්න. හැබැයි ඉතින් දෛවය අද මාව අම්මා සහ තාත්තා ගියපු පාරේම අරගෙන ඇවිත්”

අසේකා නර්ථන ශිල්පිනියක් ඉතින් ආස නැද්ද අසේකට රංගන ශිල්පිනියක් වෙන්න, එහෙම ආරාධනාවක් ආවොත් බාර ගන්නවද ? ”ඔව් බොහෝවිට මම ඒ ආරාධනාව බාරගනීවී මොකද මට ආසයි වෙනත් අංශයක් ගැනත් ටිකක් ඉගන ගන්න. මට කලින් රඟපාන්න ආරාධනා ආවා හැබැයි මට ඒ කාලයේ ඉගනීමේ වැඩ තිබ්බ නිසා මට ඒ ආරාධනා බාරගන්න බැරි වුනා. හැබැයි ආයේ එහෙම අවස්තාවක් ලැබුනොත් මම බාරගන්නවා”

අසේකා කියන්නේ මේ වනවිට ආදරණීය පෙම්වතියක්, අසේකගේ පෙම්වතා කියන්නේ කෝටිපති තරුණයෙක්, ඔහු අපූරු විදියට ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා කොහොම වුනත් පසුගිය දවසක අසේකා සහ ඇයගේ ආදරණීය පෙම්වතාගේ විවාහය ඉන්දීය ක්‍රමයට පවත්වන්නට තීරණය කරලා තියෙනවා. ඉතින් එම විවාහ චාරිත්‍රයට අනුව කහ ගෑමේ චාරිත්‍රය ඉටු කරලා තිබුණා. ඉතින් මේ විශේෂ අවස්ථාවට ඇයගේ හොඳම යහළුවන් වන සාරංග සහ දිනක්ෂිත් එකතුවෙලා තිබුනා.

Related Posts

Leave a Reply

Your email address will not be published.