Tue. May 17th, 2022

චන්දිමා කරුණාදාස කියන්නේ මේ දිනවල කවුරුත් අතර ජනප්‍රිය චරිතයක්. ඇය සතු රංගන හැකියාව ස්වර්වාහිනි නාලිකාවේ විකාශය වෙන පාර වසා ඇත, පාර දිගේ ටෙලි නාට්‍ය හරහා බලාගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබි තියෙනවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. කොහොමද පාර දිගේ ඩාලිං අක්කට ලැබෙන ප්‍රතිචාර, පරිදි ටෙලිනාට්‍ය ඩාලින් අක්කා කියන්නේ කටකාර චරිතයක්.

කට නිසාම තම ආධිපත්‍යය පතුරා ගෙන සැමියාවත් යටත් කරගෙන ඉන්න චරිතයක්. ඉතින් ගොඩක් හොද හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය ඒ චරිතයට ආදරේ කරනවා. මේ චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මම පාර වසා ඇත ටෙලි නාට්‍යයේ රඟපාන්නේ. කොහොම උනත් මේ වගේ ද්විත්ව චරිතයක් කරන්න ලැබීම මගේ වාසනාවක් විදියට මම සලකනවා. ඒ වාසනාව නිසාම වෙන්න ඇති ප්‍රේක්ෂකයින්ගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

වේදිකාව කියන්නේ රංගන ශිල්පියෙකුට රංගන ශිල්පිනියකට තමන්ගේ ජීවිතය ආරම්භ කරන්න හොඳ තැනක්ද, ඇත්තටම මම පෞද්ගලිකව ඒ කතාව විස්වාස කරනවා. වේදිකාව කියන්නේ කෙනෙකුට හැදෙන්න තියෙන හොඳම තැන. මොකද වේදිකාවෙන් නිර්මාණය වෙන කෙනෙකුට මාධ්‍ය ඉස්සරහ හැසිරෙන එක අමාරු වෙන්නේ නැහැ. රංගනයට පිවිසෙන ඕනම කෙනෙකුට මුල් අඩිය තියන්න වේදිකාව ගොඩක් වැදගත් වෙනවා. මම වුණත් නිර්මාණය වුණේ වේදිකාවෙන්.

සිනමාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද, සිනමාවට ආරාධනා කිහිපයක් ලැබුණා. හැබැයි මට කාලය කළමනාකරණය කරගන්න ගැටලු තියෙනවා. ඒ නිසාම ඒ ආරාධනා භාරගත්තේ නැහැ. කොහොමත් අනාගතයේදී සිනමාවට එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම කවදාවත් සිනමාවට එන්නේ නැහැ කියලා නීති දාගෙන නැහැ.

ඔබ කැමති වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන්නද, මම හිතන්නේ දැන් තියෙන රටේ තත්ත්වයත් එක්ක රඟපාලා විතරක් ජීවත් වෙන්න ජීවත්වෙන්න බැහැ. කොළඹ ජීවත්වෙන අය දන්නවා කොළඹ වියදම කොහොමද කියලා. ඇත්තටම අපිට ජීවිතේ ඉස්සරහට යන්න හොඳ ආර්ථික පසුබිමක් තියෙන්න ඕනෑ. වෘත්තිමය රංගන ශිල්පිනියක් වුනොත් අපි හැම චරිතයකටම සහභාගි වෙන්න ඕන. එහෙම නැති වුණොත් අපිට නිර්මාණ කරන්න බැහැ. හැබැයි මට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම හිතන්නේ මට වෘත්තිමය රංගන ශිල්පිනියක් වෙන එක අමාරු දෙයක්.

ඔබ ආව ගමන ගැන ඔබ තෘප්තිමත් වෙනවද, මම මේ ගමන ගොඩක් දුක් විඳලා ආපු කෙනෙක්. මොකද විශ්වවිද්‍යාල ඇතුළෙත් මම අවුරුදු හතරක් දුක් වින්දා. ඒ නිසා අද මම ඉන්න තැන ගැන මට නිහතමානි ආඩම්බරයක් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *