‘කොහේගියත් අම්මා මගෙන් පස්සෙන්මයි’ හැමෝම ආදරේ කරන අමන්දා කියන කතාව

2017 වර්ෂයේ දී මුලින්ම පුංචි තිරයට එන ඇය මේ වන විට දක්ෂ ජනප්‍රිය නවක පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය නමින් අමන්දා ජයරත්න. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. විශේෂයෙන්ම මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය රැල්ල වෙරලට ආදරේ ටෙලි නාට්‍ය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. අමන්දා ජීවිතයේ දකින්නේ මොන වගේ අරමුණු ද, ”මගේ උපාධිය කළමනාකරණ උපාධියක්. තවම මම උපාධිය ඉවර කරලා නැහැ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක රංගන කටයුතු කරගෙන යන්න. මේ දෙකම සමබරව කරගෙන යන එක තමයි මගේ ජීවිතේ ලොකුම අරමුණ.”

ඇයි ඔබ රඟපාන්න හිතුවේ, ”පුංචි කාලේ ඉඳන්ම මම දැන්වීම් වලට පෙනී හිටියා. ඒ ආභාෂය නිසා ම මට දවසක රඟපාන්න ඕන කියලා හිතුනා. මම මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ නීල පබලු ටෙලිනාට්‍ය හරහා. කොහොම උනත් මම නිර්මාණ ගොඩක් භාරගෙන වැඩ කරන්න කැමති නැහැ. මට පුළුවන් විදිහට මම නිර්මාණ නිර්මාණවලට සම්බන්ධ වෙනවා. රංගනය ගැන ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්න ඕන.”

ඔබ පවුලේ එකම දරුවා නිසා රංගනයට නිරූපණයට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද, ”තාත්තා මට නිතරම කියන්නේ ගොඩක් වැඩ බාර ගන්න එපා කියලා. මොකද වැඩ බදාගෙන කරන්න බැහැ. හැබැයි මම කොහේ ගියත් මට අම්මා එක්ක යන්න කියලා තමයි කියන්නේ. ඒ නිසාම මම යන හැම තැනකම අම්මා පිටිපස්සෙන් ඉන්නවා. අපේ තාත්තගේ නීති ටිකක් තදයි. මම ආසයි දවසක හොඳම නිළිය වගේම සම්මානනීය නිළියක් වෙන්න. ඒ නිසාම මම ලැබෙන චරිතයට උපරිම සාධාරණත්වය කරනවා.”

ඔබට ලැබෙන ආදර යෝජනා වලට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද, මට වයස අවුරුදු දාහතේ ඉදන් ම ආදර යෝජනා එනවා. ඒ හැමදේටම පිළිතුරු දුන්නේ මගේ ගෙදරින්. අදටත් මට ආදර යෝජනා එනවා. හැබැයි මම ඒවා පිළිගන්නේ නැහැ. මම ප්‍රොපෝසල් කියන දේට අකමැති කෙනෙක්. මම ආගම දහම අදහමින් ජීවත් වෙන කෙනෙක්. ඉතින් කතෝලික කෙනෙක් හැටියට මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නෙ මම වගේම සිතන පතන කෙනෙක් මගින් ජීවිතයට එකතු කරන්න කියලා. මගේ ඉරණමේ හැටියට කොහේ හරි මට කෙනෙක් ඉඳීවි. හරි වෙලාවට එයාව මට මුණ ගැහේවි. කිසිම හදිස්සියක් නැහැ මට.එයා ලස්සන කෙනෙක් වෙන්නත් ඕනේ.”

ගෙවුණු ජීවිතය ගැන මොකද හිතන්නේ, ”ජීවිතය තුළ දුක සතුට අභියෝග මේ හැමදේම එනවා. ගෙවුණු ජීවිතයේ මම ඒ දේවල් වලට මුහුණ දුන්නා. මම හිතන්නේ මම ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මම කාටවත් වෛර කරන කෙනෙක්. හැමෝම එක්ක හොඳින් ජීවත් වෙන කෙනෙක්. මේ දේවල් නිසා වෙන්නැති මගේ ජීවිතය හරිම සුන්දරයි. අපි අනිත් අයත් එක්ක හොඳින් ඉන්නව නම් අපේ ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *