‘කොල්ලෝ ගොඩක් බයයි මගෙන් කැමතිද අහන්න’ ජනප්‍රිය නිලි දිනිති වල්ගමගේ කියන කතාව

දිනිති කියන්නේ මේ වන රංගන කේෂ්ත්‍රයේ තමන්ටම හිමි තැනක් ලියාගත්ත කෙනෙක්. හැබැයි ඇය රංගන ශිල්පිනියක් පමණක්ම නෙවෙයි. මේ වන ශ්‍රි ලංකා එයාර් ලයින් එකේ ගුවන් සේවිකාවක්ද වෙනවා. ජිවිතේ ලොකු කැපකිරිමක් කරමින් ඇය මේ යන ගමන ලේසි පහසු නැත. සියළු දේ හමුවේ ඇය කාල කළමනාකරණය අතින් ඉහළ තැනත ඉන්නවා. අද ගුවන් සේවිකාවක් නිළියක් නිසාම අපි හිතුවා ඇයගෙන් වෙනම ප්‍රශ්නයක් අහන්න.

ඇත්තටම ඔබ ගුවන් සේවිකාවක් රංගන ශිල්පිනියක් වෙන්න බලාපොරොත්තු වුනාද? “අපොයි නෑ මම පොඩි කාලේ ඉදන්ම කැමති වුනේ ලෝකය දකින්න ඒ නිසා මම ලෝකය වටේ ඇවිදින්න ආස හිතුනා. හැබැයි ඒකට ගුවන් සේවිකායක් වෙන්න ඕනි කියලාවත් මම හිතුවේ නෑ. ම⁣ගේ වාසනාවට මට ගුවන් සේව්කාවක් වෙන්න පුළුවන් වුනා. හැබැයි ලෝකය වටේ ඇවිදන්නත් සල්ලි ඕනි. ඒ නිසා සල්ලි තියෙන රස්සාවක් කරන්න මම කැමති වුනා”

එදා ඉදන් අද වෙද්දි දිනිති ආව ගමන ගැන මොකද හිතෙන්නේ, “මෙහෙමයි මම ආව ගමන ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.⁣ මම සැප සම්පත් මතින් හැදුන කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ අම්මා තාත්තා නිතරම මට හයියක් වුනා. එයාලා නිතරම මගේ පස්සෙන් හිටියා. මම කිසිම කෙනෙක්ව රවට්ටලා නෑ. කෙනෙක්ව වාසියට ආශ්‍රය කරලා නෑ. මම සල්ලි හොයන්නේ අවංක විදිහට. සල්ලි වෙනුවෙන් මම මගේ ආත්මය පාවා දිලා නෑ. මම හොයන හැම රුපියලකම තියෙන්නේ මගේ දුක් මහන්සිය. ජිවිතේ විනාස කරගෙන විදවන ජිවිත ඕනි තරම් තියෙනවා. මට අද මම ගැන හිතද්දි දැනෙන්නේ මාරම සතුටක්. මොකද මම අද ඉන්න තැන මගේ ම මහන්සියෙන් ආව තැනක් නිසා. මම හිතන්නේ මම ජිවිතේ දිනලා ඉවරයි කියලා.”

දිනිතිගේ පාසල් ප්‍රේමය ගැන කතා කලොත්, “මම ඉස්සර Tom boy කෙනෙක් වගේ. මට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා සමහර කොල්ලෝ බයයි මගෙන් කැමැත්ත අහන්න. අඩුම මම දිහා බලන්නෙත් නෑ. ඒකට හේතුව ගුටි කන්න වෙයි කියන බය. මට හිතට දැනුන ආදරයක් තිබුනා. හැබැයි ඒක මට මගේ කරගන්න බැරි වුනා. දැන්නම් ඇත්තටම මම පෙම්වන්තියක් නෙවෙයි. මේ ගෙවෙන කාර්ය බහුල ජිවිතේ එක්ක මට ඇත්තටම ආදරය ගැන හිතන්න කාලයක් නෑ”

කලාවට සම්බන්ධ වුන විදිහ ගැන කතා කලොත්, “මම කලාවට සම්බන්ධ වෙන්නේ පාසල් කාලයේ. ඒ වයස අවුරුදු 12. ඒ කම්කරු දිනය වෙනුවෙන් කරපු ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා. ඉතින් අධ්‍යාපන කටයුතු එක්ක ආයේ මට රඟපාන්න ලැබුනේ නෑ. අපේ ගෙදර අය නිතරම කිවේ ස්ථිර රැකියාවක් කරන්න. එයාලා කැමති නෑ මේ ක්ෂේත්‍රයේ ඉන්නවට. හැබැයි මම කැමති ජනප්‍රිය නොවි කලාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න. මොකද ම⁣ට මගේ නිදහස් ජිවිතේ වටිනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *