‘කොන්ද කෙලින් තියාගෙන කළා ලෝකේ ගමනක් යන්න බෑ’ ජනප්‍රිය නිලි තරින්දි කියන කතාව

තරින්දි ප්‍රනාන්දු කියන්නේ මෙරට දක්ෂ රංගන ශිල්පිනියක්. කවුරුත් ආදරේ කරන ඇය ගැනයි අද අපි කතාකරන්න සුදානම් වෙන්නේ. පාසල් යන කාලයේ ක්‍රීඩාවට දක්ෂ තරින්දි පාසල් කාලයෙන් ඉඳන්ම හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් එමෙන්ම තමන් කරන රාජකාරිය කැපවිමෙන් කරන චරිතයක් වුනා. එය පාසලට පමණක් නොව ඇය රාජකාරි කරන ආයතනයට පොදු ලක්ෂණයක් විදිහට දකින්න ලැබුනා.

ඇය ජිවිතේ කැපකිරිම් ගැන කතා කලේ මේ වගේ අදහසකින්, “පාසල් කාලේ විතරක් නෙවෙයි මම ජිවිතේ ගොඩක් තැනවල කැපකිරිම් කියන දේ කරපු කෙනෙක්. පාසලේ ක්‍රිඩාවට මම යොමු වෙද්දි මට මගේ ශරිර පැහැය ගැන පවා හිතන්න වෙලා තිබුනේ නෑ. මම පෙනුම ගැන නොහිතා ක්‍රිඩා කලා. මට මතකයි මම ක්‍රිඩා කරද්දි ම⁣ගේ අතපය පවා තුවාල වුන විදිහ. මම බොහෝ තැන්වල බොහෝ කැපකිරිම් කරද්දි ඒ හැමදේකම ප්‍රතිඵල අද මගේ ඇස් ඉස්සරහ තියෙනවා.”

ඔබ අභියෝග කියන දේ භාරගන්නේ කොහොමද? “මම පොඩි කාලේ ඉදන් අභියෝග කියන දේට කැමති කෙනෙක්. මම කිසිම දෙයක් බැහැ කියලා හිතන කෙනෙක් නෙවෙයි. මම අභියෝග භාරගන්නේ මට ඒක කරන්න පුළුවන් කියලා හිතලා. මම බැංකු ⁣කේෂත්‍රයක වැඩ කරද්දි කලාවට යොමු විම පවා මට අභියෝගයක් වුනා. මම මගේ රැකියාවේ නිරත වුනානම් මට මුදල් මාසේ අවසානේ ලැබෙනවා. හැබැයි මට කලාවේ එහෙම නෑ. පාසලේ ක්‍රිඩාවෙන් පවා පටන් ගත්ත අභියෝග භාර ගැනිම මම අද කලාවේ පවා භාර ගන්නවා. ඒ තමා මගේ හැටි.”

ඔබේ ආදරය ගැන කතා කලොත්, “එයා මට වඩා වයසින් ගොඩක් වැඩිමල් කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති එයා මාව ගොඩක පරිස්සමෙන් බලාගන්නවා. මම මේ විදින ආදරය ගැන මට වචනයෙන් කියන්න බෑ. ඒ තරම් ආදරයක් මට දැනෙනවා. මම විදිනවා. ඒක තමා මගේ ජිවිතේ වෙනස් කරපු ආදරය.”

පසුතැවිම් ගැන කතා කලොත්, “මම වසර ගානක් බැංකු කේෂ්ත්‍රයේ වැඩ කරපු කෙනෙක්. මම ඒ රැකියාව අතහැරලා තමා මේ කලාවට එන්නේ. ඇත්තටම මේ කේෂ්ත්‍රයේ කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ගමනක් යන්න හරි අමාරුයි මම දකින විදිහට. විවිධ බලපෑම් විවිධ චෝදනා එල්ල වෙනවා. මට වුනත් එහෙම කටුක අත්දැකිම් තියෙනවා. වෙලාවකට හිතුනා මට ඇයි මම අර වගේ රැකියාවක් අතහැරලා ආවේ කියලා. හැබැයි ඒ වගේ අමිහිරි මතක එක්ක මම අද මේ ගමන එන්න ආවා. මොන දේ වුනත් එහෙම ආව ගමන ගැන අද මම සතුටු වෙනවා. මම ඉන්න තැන ගැනමම සතුටු වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *