Sat. May 21st, 2022

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යන්න ඇය සමත් වුණා. ඇය නිරූපිකාවක්. විටෙක ඇය නිවේදිකාවක්. වර්තමානයේ ඇයගේ සැමියා නිසාම ඇය ගායිකාවක්. නමින් ඇය ස්ටෙෆනි සිරිවර්ධන. 2011 වර්ෂයේ දී ශ්‍රී ලංකා විශ්ව රූ රැජන කිරුළ ඇය හිමි කරගන්නවා. ඉතින් මේ සූදානම ඇයත් සමග විලාසිතා ගැන කතා කරන්න. පුංචි කාලේ ඉඳන්ම ඔබ ෆැෂන් කරන කෙනෙක්ද, ”ඔව් මම පුංචි කාලෙ ඉඳන්ම ෆැෂන් කියන දේට ආස කෙනෙක්. විශේෂයෙන්ම අලුත් අලුත් ෆැෂන් කරන්න කැමතියි. මගේ පුංචි කාලේ හැම උපන්දිනයකටම අම්මා අලුත් අලුත් විලාසිතා කරලා ඇඳුම් හදලා දෙනවා. එයාම රිදී ගෙනල්ලා මහනවා. මම විලාසිතාවලට කැමති නිසාම තාත්තා ජපානයෙන් කිමෝනා පවා ගෙනල්ලා දීලා තියෙනවා. ඒ විදියට මම ආසකරන දේවල් පුංචි කාලේ ඉඳන්ම අඳින්න පළඳින්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.”

පුංචි කාලේ ඔබ කවුරු වෙන්නද ආස කළේ, ”මම පිටරටක හැදුන වැඩි කාලයක් පිටරට ජීවත් වුණ කෙනෙක්. මම ඉපදුනෙත් පිටරටක. මම ඉස්සර එච්චර ලස්සන නැහැ. මම මහතයි. ඉතින් ගොඩක් අය මට විහිළු කරනවා. ඒ දවස්වල මම ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක අඬනවා මට ඒ ලස්සන වෙන්න ඕන කියලා. හැබැයි එදා ඉඳන් අම්මා මට කිව්වේ පුතේ ස්ටෙෆනි සිරිවර්ධන කියලා මේ ලෝකෙට ඉන්නේ එක්කෙනයි ඒ ඔයා විතරයි කියලා. ඒ නිසාම අම්මා මට හැමදාම කිවේවේ මගේම අනන්‍යතාවයක් හදාගෙන ජීවත් වෙන්න කියලා. කොහොමත් පුංචි කාලේ ඉදන්ම මට තිබුණේ වෙනස්ම බලාපොරොත්තු.”

අද ඔබට ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ, ”ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ඉන්න තැන ගැන. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේම අඩුපාඩු හොයන එක. හැබැයි මම කණ්ණාඩිය ඉස්සරහට යන හැම වෙලාවකම දෙවියන්ට ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මම මාව අගය කරනවා. මම මම දිහා බලලා සතුටු වෙනවා. මේ ලෝකේ ඉන්න ලස්සනම කෙනා මමයි කියලයි මම හිතන්නේ. තමන්ට තමන් අගය කරන්න පුළුවන් නම් ජීවිතේ ගොඩක් දේවල් ලඟා කරගන්න පුළුවන්. හැබැයි අපේ ගොඩක් අය කරන්නේ තමන් තමන්වම අවතක්සේරු කරන එක.”

අපිට වඩාත් ගැළපෙන ඇදුම මොකක්ද, ”මම තැනට ගැළපෙන විදිහට තමයි අඳින්නේ. උත්සව අවස්ථා වලටවෙනම ඇඳුම් අදිනවා. මට ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් ඉන්නවා. මටවත් හිතාගන්න බැරි විදිහට එයා මගේ ඇඳුම් නිර්මාණය කරලා දෙනවා. ඒ අවස්ථා ඇරෙන්නට අනිත් අවස්ථාවලට මම සාමාන්‍ය විදිහට මට ගැලපෙන ඇඳුමක් තමයි අඳින්නේ. කොහොම වුණත් මම කැමතියි කොටට අඳින්න. ඒක මගේ ආසාවක්. කාලෙන් කාලෙට අලුත් වෙන ෆැශන් මම කරනවා. අලුත් ෆැෂන් එන්න එන්න අපේ හිතේ තියෙන ආසාවල් වුනත් වෙනස් වනවා.”

විලාසිතාවලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”දුෂ්‍යන්ත් කැමතියි කොහොමත් මම ලස්සනට ඇඳලා ඉන්නවට. අදට වුනත් මට ගැළපෙන මට ලස්සන විලාසිතා තෝරගන්න එයා මට උදව් කරනවා. විලාසිතාවලට එයාගෙන් කිසිම තහනමක් නෑ. එයා කැමති මාව ලස්සනට දකින්න. මම කොටට ඇන්දම ලස්සනයි කියලා එයා තමයි මට ලස්සන ඇඳුම් ගෙනත් දෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *