කොටට අඳින්න ආසයි මේ වයසත් එක්ක දැන් එහෙම අඳින්න බෑ නේ – අංජුලා රාජපක්ෂ

කළා ලෝකයේ ආදරය දිනාගෙන ඉන්න ගොඩක් සුදර රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ, ඒ වගේම ප්‍රේක්ෂකයන් අතරත් අංජුලා රාකපක්ෂ ඉතාම ජනප්‍රියයි, ඉතින් අද අපේ කතාබහ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න අංජුලා රාජපක්ෂ සමග. ඉතින් අංජුලා කොහොමද මේ දවස්වල ජීවිතේ..? ”මේ දවස්වල රඟපෑම් කටයුතු කිහිපයකටම සම්බන්දවෙලා ඉන්නවා. ඊට අමතරව පුතා එක්ක සතුටින් කාලය ගතකරනවා. දැන් පුතා ඉන්නේ හුරතල්ම වයසේ. දැන් එයාට වයස අවුරුදු එකයි මාස කිහිපයක් වෙනවා”

ඔබ ගොඩක් ලස්සනට ඇඳුම් අඳින්න කැමති කෙනෙක් නේද මොකද අපි නිතරම දකිනවා ඔබ ගොඩක් ලස්සනට ඇඳුම් අඳිනවා ”ඇත්තටම ඔව් මම හැමදාම ආසයි ලස්සනට ඉන්න, අදටත් ගොඩක් අය දන්නේ නෑ මම විවාහ වෙලා ළමයෙකුත් ඉන්න කෙනෙක් කියලා, එකට විශේෂම හේතුව තමයි මම තෝරාගන්න ඇඳුම් සහ මගේ ඇඟේ හැඩය, ඇඟේ හැඩය නිසා මම තාම තරුණ පෙනුමටම ඉන්නවා.”

විලාසිතාවක් තෝරාගන්න කලින් ඔබ සැලකිලිමත්වෙන කරුණු මොනවද ”විශේම දේ තමයි ඒ ඇඳුම පහසු ඇඳුමක් වෙන්න ඕන, මම කැමති නෑ ඇඳුමක් ඇඳලා අපහසුවෙන් ඉන්න. අනිත් කාරනාව තමයි කොච්චර ලස්සන වුනත් කොච්චර වටිනා විලාසිතාවක් වුනත් අනිත් අයගේ හිනාවට ලක්වෙනවානම් මම ඒ විලාසිතාව කරන්නේ නෑ. අනිත් කාරණාව තමයි වයස. අපි කරන්න ඕන වයසට ගැලපෙන විලාසිතාවන් විතරයි, තරුණ කාලයේදී මම ඇඟපේන විදියට කොටට ඇන්දා. අද මම මවක් ඒ වගේම මම බිරිඳක්. ඉතින් ඒ වගේ විලාසිතා කරන්න බෑ, හැබැයි ඉතින් ඒ වගේ කොට ඇඳුමක් දැක්කම ගොඩක් ආස හිතනවා, මේ වයසත් එක්ක ඉතින් එහෙම අඳින්න බෑ නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.