Sat. May 21st, 2022

ටීනා ෂනෙල් කියනේ කළා ලෝකයේ ඉන්න සුන්දරත්වය අතින් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක්, මේ වනවිට ඇය පුංචි තිරයේ වගේම රිදී තිරයේත් දිදුලන තාරකාවක් ඒ වගේම ඇය පොටෝ ෂූට් හරහාත් ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ඉන්නවා. ටීනා කළා ලෝකයට පිවිසෙන්නේ නිරූපන ශිල්පිනියක විදියට කොහොම වුනත් මේ වනවිට ඇය නොහඳුනන කෙනෙක් නොමැති තරම්. ඉතින් අපි අද කතාකරන්න යන්නේ ඔබත් මමත් ආදරේ කරන ටීනා සමග.

නිරූපිකාවක්, නිළියක් විදියට ඔබ ආපු ගමන ගැන මොකද්ද කියන්න තියෙන්නේ. ”මෙහෙමයි මම මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ නිරුපන ශිල්පිනියක් විදියට ඊට පස්සේ මම ටෙලිනාට්‍ය නිලියක් වගේම සිනමා නිලියක් විදියටත් වෘතිය වශයෙන් කලාවේ නියැලෙනවා, හැබැයි මේ ආපු ගමනේ මගේ කකුලෙන් අදින්න බලාගෙන හිටපු අය ගොඩක් හිටියා. මම මගේ පාඩුවේ මේ ගමන හෙමින් ආපු ගමනක් මේක. ගොඩක් තැන්වල මම කාගෙන්වත් උදවු ඉල්ලලා නෑ, ඒ නිසා වෙන්න ඇති ගොඩක් තැන්වල මාව කැපෙන්නේ.”

ලංකාවේ ඉන්න ගණන් වැඩිම නිළිය ඔබ කියන්නේ ඇත්තද ”අනේ ඒක මට හරියටම කියන්න බෑ මොකද මම අනිත් අයගේ ගණන් දන්නේ නෑ මට ඒවා දැනගන්න ඕන නෑ. මම දන්නේ මගේ ගාන විතරයි හැබැයි මගේ ගණන් ටිකක් වැඩියි, ඒ මොනවා වුනත් මම තාම ඉන්නේ කුලී ගෙදරක සමහර නිලියෝ ඉන්නවා මාලිගාවල් වගේ ගෙවල් වල ඉතින් මට හිතෙන්නේ එයාලා මටවඩා ගානක් ගන්නවා ඇති කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *