කොච්චර ලස්නට ඇදලා හිටියත් මූනෙන් ඒ නපුරුකම හොඳට පේනවා – හිමාලි සයුරංගි

ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ, වසර පහකට වැඩිය වැඩිකාලයක් ටීවී දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වන මෙම ටෙලිනාට්‍ය ලංකාවේ කළා ලෝකයට අලුත් අලුත් රංගන ශිලිනියන් වගේම අලුත් රංගන ශිල්පියන් රැසක් දායාදකළ ටෙලිනාට්‍යක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ, මේ දවස්වල උදේනි අම්මා විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න හිමාලි සමග කතාබහ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ,

ඉතින් හිමාලි රංගන ශිල්පිනියක් විදියට දැන් මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය පිලිබඳ දැනෙන්නේ කොහොමද ? ”ජනප්‍රියත්වය කියන දේ ගොඩක් වෙලාවට රංගන ශිල්පිනියකට ලැබෙන අවස්තාවක්, හැබයි ඒ ලැබෙන ජනප්‍රියත්වය පවත්වාගෙන යන එකයි කරන්න අමාරු, එකපාරම ජනප්‍රිය වෙන රංගන ශිල්පිනියන් ඉන්නවා ඒ අය එක පාරම අතුරුදහන් වෙනවා, මම මේ ක්‍ෂේත්‍රයට එකපාර ආව කෙනෙක් නෙවෙයි, මම බොහොම හෙමින් ආව ගමනක් මේක, මම දකින විදියට ජනප්‍රියත්වය ක්‍රමානුකුලව වෙන්න ඕන, රංගන ශිල්පි­නි­යක් විදි­හට, තමන්ව මුව­හත් කර­ගන්න ඕන ඉතින් මට ඕන වයස අවුරුදු 60- 70දිත් අද වගේම ජනප්‍රිය වෙන්න, ඒ තුල තමයි තමන්ගේ සාර්ථකත්වය තියෙන්නේ,”

කළා ශිල්පිනියක මවක විදියට ඔබ ගොඩක් කාර්ය බහුලයි නේද..? ඉතින් කොහොමද ලැබෙන නිවාඩුව කළමනාකරණය කරගන්නේ..? ”මෙහෙමයි මට විවේකයක් ලැබෙන්නේ බොහොම අඩුවෙන්, මම ගොඩක් කාර්යබහුල ජීවිතයක් ගතකරන කෙනෙක්, මම හැමතිසේම මොකක් හරි වැඩක් කරනවා, මට යාළුවො ඉන්නෙත් බොහොම ටිකක්, කළා ක්‍ෂේත්‍රයේ යාළුවො නැතිම තරම්, ගොඩක් අය මම පොඩිකාලේ ඉඳන්ම දන්න යාළුවො, ඉතින් විවේකයක් ලැබුනම මම කරන්නේ ඒ අයත් එක්ක කොහෙහරි ඇවිදින්න යන එක”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිමාලි පහුගිය දවසක ඇයගේ මුහුනුපොතේ අපූරු සටහනක් එකතුකරලා තිබුනා ඒ තමයි ”හුගක් මිනිස්සු ජීවත් වෙන්නෙ වෛරයත් එක්ක කෲර කමත් එක්ක. කොච්චර ලස්නට ඇදලා හිටියත් ඒ අයගේ මූනෙන් ඒ නපුරුකම පේනවා. තමන්ගේ නූගත්කම අන් අයට ප්‍රදර්ශනය වෙනවා කියලා හෝ තමන්ගේ පීඩනය අන් අයට විහිලුවක් වෙනවා කියල තේරුම් යන්නේ නෑ ඒ අයට ඒක තේරුම් ගන්න උවමනාවකුත් නෑ ඒවගේ. මේ හැම දේටම හේතුව තමන් තුල තියන බලය තේරුම් නොගැනීම. තමන් දුර්වලයි තමන් පරාදයි කියලා හිතන්නෙ හිස් මිනිස්සු. දුර්වල මිනිස්සු,. ඒ අය අතීතයට පයින් ගහල සැහැල්ලු වෙන් සතුටින් ඉදිරියට මූන දෙන අයගෙ හිනාවක් දකින්න ආස නෑ. ඒ අය ජීවිතේ වැඩි කාලයක් නැති වෙලා යනවා කියල දන්න දේවල් තියා ගන්න පොරබදපු මිනිස්සු. තරහින් ජීවිත කාලයම විදවන මිනිස්සු. තමන්ව විශ්වාස කරන කෙනා එයාගෙ ගමන කවුරු හිටියත් නැතත් යනවා. මනස දුර්වලයා හැමදාමත් අනුන්ගෙන් යැපෙන අතර තමන්ගේ ගමන අභිමානයෙන් යා යුතුව තිබෙද්දී. තමාගේ මෝඩකම් අනුන් පිට පටවමින් අනුන්ට පර්බව කරමින් තම ආත්මය දියාරු කර ගන්නවා”

Related Posts

Leave a Reply

Your email address will not be published.