කේෂාන් බැඳලා හිටියේ මාව, එයාට අනියම් සම්බන්දයක් තිබ්බා ඉතින් ඒ දෙන්නට සතුටින් ඉන්න දීලා මම අයින් වුනා – හර්ෂනී වෙත්තසිංහ

සිරස එෆ් එම් නාලිකාව හරහා ඔබ අප සමග සම්බන්ද වෙන ආදරණීය නිවේදිකාවක් තමයි හර්ෂනී වෙත්තසිංහ කියන්නේ, රුවෙන් ඔබ ඇය හඳුනන්නේ නැති වුනත් ඒ හඬ ඇසුන ගමන් ඔබ ඇයව හඳුනා ගනීවි, මොකද හර්ෂනීට තියෙන්නේ ලගන්නාසුළු හඬක් ඒ වගේම තමයි ඇය ගොඩක්ම සුන්දර නිවේදිකාවක්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. හර්ෂනී මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල නිවේදිකාවක විදියට තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ, ඒ වගේම මගේ තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඒවත් කරගෙන ඉන්නවා”

හර්ෂනීගේ පලවෙනි විවාහය සාර්ථක වෙන්නේ නෑ, හර්ෂනී පලවෙනි වතාවට විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න ගොඩක් දක්ෂ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් සමග, ඒ තමයි ටීවී දෙරණ නාලිකාවේ විකාශන වෙන දෙවෙනි ඉනිම නාට්‍යයේ අවන්තගේ චරිතයට පන පොවන කේෂාන් ශෂීන්ද්‍ර සමග, කේෂාන් සහ හර්ෂනී විවාහය වනවිට කේෂාන් රංගනයට සම්බන්ද වෙලා නෑ, කොහොම වුනත් කේශාන්ගෙන් වෙන් වුනාට පස්සේ හර්ෂනී ගතකරන්නේ තනිකඩ ජීවිතයක්, ඉතින් හර්ෂනී ඇයගේ ජීවිතේ සිදුවුණ දේවල් ගැන අපිට කිවුවේ මෙහෙමයි,

නිවේදනය නිසා තමයි මට කේශාන්ව මුණගැහුනේ, මගේ වැඩසටහනකට එයා ආවා, ඊටපස්සේ අපි කතාබහ කරලා යාළුවො වගේ හිටියා එහෙම ඉන්න කාලේ තමයි එයා මට විවාහ යෝජනාවක් කලේ, මම මුලින්ම කැමති වුනේ නෑ, මම එයාව දැක්කේ රැඩිකල් කෙනෙක් විදියට, හැබැයි කාලයක කතාබහ කලාම මට තේරුනා එයා හොඳයි කියලා, සංගීතය නිසා එයා එයාගේ ජොබ් එකෙනුත් අයින්වෙලා හිටියේ, කොහොම වුනත් අපේ ගෙදරින් කැමති වුනේ නෑ කේෂාන් එක්ක විවාහ වෙනවට හැබැයි මම ගෙදර අය කියන දේ අහන්නේ නැතුව මම එයා එක්ක විවාහ වුනා, අපි විවාහ වුනේ 2014දී, හැබැයි අපි 2018 වසරේදී දික්කසාද වුනා, එයාට ඕන වුනේ නෑ ඩිවෝස් වෙන්න හැබැයි එයා මගෙත් එක්ක විවාහ වෙලා ඉද්දී එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තා,

මම එයාව ගොඩක් විශ්වාස කරලා තමයි එයා එක්ක විවාහ වුනේ, හැබැයි එයා වෙන කෙනෙක්ට ආදරේ කරද්දී අපිට එකට ඉන්න අමාරු වුනා, ඉතින් මම තීරණය කළා එයාලා දෙන්නට එකතුවෙලා සතුටින් ඉන්න දෙන්න, මේක මගේ දෛවය කියලා මම හිත හදාගත්තා, අදටත් මම කේෂාන්ගේ පවුලේ අය මගේ පවුලේ අය වගේ ආදරෙයි, මම ඒ අය එක්ක කතා කරනවා, අපි අතර ප්‍රශ්න නෑ,

මම මේ වෙද්දී ජීවිතේ අලුතෙන් පටන්ගන්න හිතාගෙන ඉන්නේ ඒකට මට ලොකු කාලයක් ගියා, මේ දේ වෙයිද නැද්ද කියන්න මම දන්නේ නෑ, හැබැයි මම දැන් අවංකව ආදරේ කරනවා, එයා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්, අපි විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ, අපි බලමු ඕනෑම දෙයක් ඕනෑම කාලෙකදී වෙනස් වෙන්න පුළුවන් නේ”

Related Posts