Sat. May 21st, 2022

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මේ ටෙලිනාට්‍ය ලොකු කුඩා බොහෝ දෙනෙකු අතර ජනප්‍රියයි. මේ නාට්‍යය සුදු චූටිට පන පොවන චරිතය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ඇය නමින් සෙනාලි ෆොන්සේකා.

සෙනාලි කලාව කියන දේ ආරම්භ කරන්නේ කොතනින්ද, මම මුලින්ම කලාවට එන්නේ සිනමාව හරහා. ඉන් අනතුරුව තමයි මම පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ. මම මුලින්ම පුංචි තිරයේ රඟපාන්නේ හාර කෝටිය ටෙලි නාට්‍යය. කොහොම වුණත් මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නේ නාඩම්කාරයෝ ටෙලි නාට්‍ය ගැන තමයි.

ඔබ චරිත තෝරා බේරා ගෙනද රඟපාන්නේ, මට හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම ඒ චරිතය ප්‍රධාන චරිතයක් ද සුළු චරිතයක් ද කියලා සලකන්නෙ නැහැ. මම අනිවාර්යෙන්ම ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා. හැබැයි මම කරන්නේ මට ගැළපෙන චරිත විතරයි. කොහොමත් මම ප්‍රධාන චරිත පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි.

සෙනාලි කියන්නේ බොහෝ දෙනෙක් කතා වන චරිතයක් වෙද්දි ඇය පහුගිය දිනෙක කාන්තා දිනය වෙනුවෙන් සුවිශේෂී පණිවිඩයක් යොමු කර තිබුණා. ඒ පණිවිඩය ඇයගේ මුහුණු පොත හරහා දැකගන්න ලැබුණා.

ඊයේ ජාත්‍යන්තර කාන්තා දිනය, සමාවෙන්න ඊයේ ඒ වෙනුවෙන් මගේ ආදරණීය අක්කලාට, නංගිලාට, නැන්දලාට, අම්මලාට සුබ පතන්න බැරි උනාට.

ඒත් ඇත්තටම අපි කාන්තා දිනය සමරන්නවද? හිතන්න ගැහැනියක් හුගාක් කෙට්ටුයී නම් අපෝ අර කටුස්සිද, අර ඇටසැකිල්ලක් වගේ ඉන්නේ? ඊට පස්සේ කෙනෙක් ටිකක් මහත නම් අප්පාහ් අර බැරල් එකද අර තඩි කෙල්ල. තව හිතන්නකෝ නිකන් හමේ පාට කලු, තලේලු නම් පොඩ්ඩක් අදුරු නම් අපෝ අර කලු කෙල්ල නේද, එතකොට සුදට හිටියොත්? හැටි බලන්නකො තම්බපු ඉස්සෙක් වගේ ඔවා සුදු නෙමෙයී සුදු මැලි. මුලු ඇගම වැහෙන්න ඇන්දොත් අපෝ බොරු උපාසක කම, එතකොට පොඩ්ඩක් ඇග පේන්න ඇන්දොත් අහගන්න වෙන දේවල් එමටයී. ආහ් ඇයි හොදම එක කාන්තාවක් තනියෙම හම්බකරගෙන ජීවත් වුනෝත් ඇයගේ ආදයම් මාර්ග වලට අර්ථකතන එමටයි. ජොබ් එකක් නොකර ගෙදර දොර ළමයී බලාගෙන ඉන්නවන්ම් මිනිහාගෙන් කාකා බිබී ඔහේ ඉන්නවා කියයී. ඉතිං මේ වගේ ගැහැනියක් කොහොම කොයී විදිහට හිටියත් කතාවක් හදන මොනවමහරි කියන්න බලන් ඉන්න ලෝකේක (ගැහැනු පිරිමි දෙගොල්ලොම) එක්ක තමයී අපි ලෝක කාන්තා දිනය සමරන්නේ.

හැබැයී ඔය අතරට විවෘත මනසකින් හිතන, කාන්තාවට ශක්තියක් වෙන, ආදරේ, ආරක්ෂාව දෙන, කාන්තාවගේ අයිතින්, නිදහස දෙන තමංගේ සහෝදරයෝ, දෙමව්පියන්, යහලුවන්, ආදරණීය ස්වාමිපුරුෂයින්, පුතුන්ද මේ සමාජේ නැතුවාම නෙමෙයී… එ අය තමයි ඇත්ත පිරිමි, ස්තූතී අපිට ශක්තියක් වෙනවට… ඔයාලගේ ජීවිතේ ඉන්න ආදරණීය කාන්තාවන්ට ආදරේ දෙනවාට එහෙනන්, එක දවසකට සීමා නොවෙන දිනයක අපි කාන්තා දිනය අනිවාරේන්ම සමරමූ! – සෙනාලි ෆොන්සේකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *