කෙල්ලෙක් දා ගන්න විදිය ගැන බොලිවුඩ් කින් ශාරුක් ඛාන් කියන කතාව

ලොවක් වසඟ කළ බොලිවුඩයෙ කින් විදිහට හදුන්වන්නේ ශාරුක් ඛාන්. ඔහු ඔහුටම ආවේණික ශෛලියක් නිර්මාණය කරගෙන අවසන්. රසික ආදරය පවා දවසින් දවස ඔහුට වැඩි වෙනවා මිස අඩු විමක් නැත. කොච්චර වයසට ගියත් ඔහු⁣ගේ රුවට ඔහුගේ හැකියාවට සමත්විය හැකි කිසිවෙකුත් බිහි වි නෑ. ඔහු රසිකයන් ඇද බැද තබා ගන්න දක්ෂ නළුවෙක්.

රසිකයන් ශාරුක්ගෙන් කෙල්ලෙක් දාගන්න අයුරු ඇසු විට ඔහු දුන්නු උත්තරය වුයේ මුලින්ම කෙල්ලෙක් දාගන්නවා කියන වචනය අයින් කරන්න යනුවෙන්. කාන්තාවකට නිසි ගෞරවය ලැබිය යුතුයි. ඒ උත්තරය සමඟ බොහෝ දෙනෙක් ශාරුක් අගයන්න පටන් ගත්තා. ඔහුට ප්‍රසංසා කරන්න පටන් ගත්තා. ඔහු ගැන බොහෝ දෙනෙකුගේ හදවතේ තිබුන ගෞරවය මෙයින් තවත් වැඩි වුනා.

එක් රසිකයෙක් ශාරුක්ගෙන් අහනවා ඇයි ඔබ වැඩිපුර නාන කාමරය තුළ රැදෙන්නේ කියා. එයට ඔහු දුන් පිළිතුර වන්නේ, මම මොකද කරන්නේ කියලා බලන්න ඔබට විඩියෝ පටයක් එවන්නම්. ඒ ගැව හොයවන්න ඔබට තියෙන උනන්දුව වගේම කුතුහලය මගේ හිතේ ආසාවක් ඇති කලා. ඉතින් ඒ නිසාම එය බලන්න මම විඩියෝ එකක් එවන්නම් යනුවෙන්,

එදා මෙදා තුර බිහි වු බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක්. ඔහුගේ ජිවිත කතාව කියවන ඕනිම කෙනෙකුට ජිවිතේ දිනන්න හයියක් ලැබෙනවා. කිසිවක් නොමැතිව සිටි ඔහු අද ලක්ෂගානක දේපළ වල අයිතිකරුවෙක්. හිස් අතින් පැමිණි ඔහු ජිවිතේ දිනා අවසන්.

ඔහුගේ ප්‍රේමය ගැනද බොහෝ දෙනා කතා කරන්න ගත්තේ කිසිවක් නොමැති කල ශාරුක්ගේ හයිය ඇය වු නිසා. අද ඇයද සියලු සැප විදින්නේ එදා මෙන්ම ඔහු අසල සිටි නිසා. ඔහු මෙන්ම ඇය ද දුක් විදි නිසා. කෙසේ වුනත් ශාරුක් පවුල කියන්නේ ජාත්‍යන්තරය පවා හදුනන පවුලක් බව කිව යුතුමයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *