Fri. Jan 28th, 2022

යුරේනි නොෂිකා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන චරිතයක්. එයට හේතුව ඇගේ විලාසිතා. රංගන ශිල්පිනියක් නිවේදිකාවක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. පහුගිය දවස්වල ඇදුමක් නිසාම යුරේනිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුනා නේද? “අනේ ඔය වගේ දේවල් අලුත් දේවල් නෙවෙයි. මොකද මේ ලංකාවනේ. අවුරුදු පහළොවක් වෙනවා මම මේ ක්ෂේත්‍රයට ඇවිත්. මම ලගින් ඉන්න අය දන්නවා මම කවුද මම කොහොමද විලාසිතා කරන්නේ කියලා.

අනික මම කවුරුත් අකමැති වුනා කියලා මම ආස ඇදුම් නොඇද ඉන්නෙත් නෑ. මම කරන විලාසිතා වෙනස් තමා. හැබැයි මම ඒ වෙනසට කැමතියි. මට අවුරුදු අසුව ගියත් මම විලසිතා කරනවා. ගෑණු ළමයින්ගේ කකුල් පේන්න අදින එක වැරැද්දක් විදිහට සමහරු දකින්නේ. ඇත්තටම ඒක වැරදි දෙයක්ද? එහෙම ඇන්දා කියලා අපිට කාගෙවත් ජිවිත වලට හිනා වෙන්න බෑ. මට මොන කතා කිවත් මම ඒ කතා වලට වැටෙන කෙනෙක් නෙවෙයි. මම මගේ විදිහට ජිවිතේ විදින කෙනෙක්. මට චෝදනා කරන අය ඉදිරියේ මම තවත් සතුටින් ඉන්නවා.”

පොඩි කාලේ හිතුවේ කවුරු වෙන්නද? “මේ වෘත්තිය ඇත්තටම මම හිනෙන්වත් නොහිතපු වෘත්තියක්. හිනෙන්වත් හිතුවේ නෑ නිළියක් වෙන්න. පොඩි කාලේ ඉදන් මම නීතිඥයෙක් වෙන්න. අහම්බෙන් තමා කලාවට මම සම්බන්ධ ⁣වෙන්නේ. ඊට පස්සේ තමා කලාවට ආදරේ කරන්න පටන් ගත්තේ දැන් ඉතින් දිගටම කලාවේ වැඩ කරන ඉන්නවා”

විවාහ ගැන කතා කලොත්, “මම ඒ කාරණාව සම්බන්ධයෙන් පස්සෙන් පන්නන කෙනෙක් නෙවෙයි. විවාහය වෙනවනම් වෙයි. මට ඕනි මැරෙනකන් හිතේ සතුටින් ජිවත් වෙන්න. අතිතයේනම් හිත ගියපු අය හිටියා. හැබැයි එයාලාව මට ලැබුනේ නෑ. මම කවුරුත් වෙනුවෙන් බලාගෙන ඉන්නෙත් නෑ. මේ ගෙවන මගේජිවිතේ ගැන මට සතු⁣ටු වෙන්න පුළුවන්. මගේ සතුට අරගෙන කවුරු හරි ආවොත් එහෙමයි නාවොත් ඒත් එහෙමයි. මම සතුටින් ඉන්නවා.”

තනිකම පාලුව ජිවිතේට දැනෙන්නේ නැද්ද? “දැනෙනවා. දැනෙන තැන් තියෙනවා. හැබැයි මම දැන් ඒ පාලුව තනිකමට හුරු වෙලා. පොඩි කාලේ ඉදන් මම තනියමනේ හිටියේ. ඒ නිසා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *